රුසියාවේ වැසියන්ට හොලිවුඩයෙන් දඬුවමක්

77

රුසියානු යුක්රේන අර්බුදය ගැන මේ දවස්වල නොදන්න කෙනෙක් නැති තරම්. ලෝකෙ හැම තැනකින්ම අහන්න දකින්න ලැබෙන්නේ ඒ ගැන. කිසිම කෙනෙක් යුද්ධයට කැමැති නැහැ. නමුත් බල අරගලය වෙනුවෙන් පාලකයින් ගන්නා තීන්දු තීරණ නිසා අසරණ වෙන්නේ අපිම තමයි. ඇමරිකාව කියන්නේ රුසියාවට එරෙහිව යුක්රේනයට සහාය දක්වන ප‍්‍රබල රාජ්‍යයක්. මේ කියන්න යන්නේ දේශපාලන කතාවක් නම් නෙවෙයි. යුධ ගැටුම් නිසා තමන්ගේ රසවින්දනයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙලා තියෙන රසික පිරිසක් ගැන.

 ඩිස්නි, සෝනි පික්චර්ස් සහ වෝන බ‍්‍රදර්ස් කියන්නේ දැනට ලෝකයේ තියෙන අති ප‍්‍රබල සිනමාපට බෙදාහැරීමේ සහ නිෂ්පාදන සමාගම් තුනක්. රුසියන් සහ යුක්රේන් අර්බුදයට එරෙහිවීමක් සහ යුක්රේනයට සහාය දැක්වීමක් විදිහට ඔවුන් රුසියාව තුළ සිනමාපට බෙදාහැරීමේ ක‍්‍රියාවලිය අත්හිටුවා තිබෙනවා. ඇත්තෙන්ම මේක රුසියන් රසික ප‍්‍රජාවට එල්ල කරපු විශාල පහරක්. ඩිස්නි, සෝනි පික්චර්ස් සහ වෝන බ‍්‍රදර්ස් සමාගම් මේ තීරණය ගත්තේ යුක්රේනයට එල්ලවන රුසියානු බලපෑම නිසයි. යම් දිනක යුධ ගැටුම් නිම වී සාමකාමී පරිසරයක් ගොඩනැගෙන දිනක යළිත් මෙම තහනම ඉවත් කරගන්න ඔවුන් කටයුතු කරන බවත් ජාත්‍යන්තර මාධ්‍යයට දන්වා තිබුණා. මේ නිසා කලාවට ආදරය කරන රුසියන් ප‍්‍රජාව ඉන්නේ දැඩි කනස්සල්ලකින්.

රුසියාවේ වැසියන්ට හොලිවුඩයෙන් දඬුවමක්

වෝන බ‍්‍රදර්ස් සමාගම ප‍්‍රකාශ කළේ නුදුරේදී රුසියාව පුරා බෙදාහැරීමට සූදානමින් සිටි The Batman සිනමාපටය ද අදාළ දිනට නිකුත් නොකරන බවයි. The Batman එනකල් බලාගෙන හිටපු ඇතැම් පිරිස් මේ පිළිබදව තමන්ගේ අදහස් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. The Batman The Batmen and Turning Red යන සිනමාපට දෙකෙන් තමයි ඔවුන් මේ වැඬේ ආරම්භ කරන්න යන්නේ. රුසියානු සමූහාණ්ඩුවේ සිනමා හිමියන්ගේ සංගමයේ සභාපති ඔලෙග් බෙරෙසින් පවසන්නේ The Batman සිනමා පටය රුසියාව තුළ විශාල ආදායමක්

 උපයාගනු ඇතැයි තමන් විශ්වාස කළ බවයි. ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ඩොලර් ලක්ෂ 2ක සිනමා ප‍්‍රවේශපත් අලෙවි කරලා අවසන්.

 ඩිස්නි, සෝනි පික්චර්ස්, වෝන බ‍්‍රදර්ස් සමාගම් වර්තමානයේ යුක්රේන සහ රුසියා අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සරණාගතයින් වෙනුවෙන් මානුෂීය ආධාර පවා ලබා දෙනවා. පසුගිය සති අන්තයේ යුක්රේන සිනමා ඇකඩමිය විසින් රුසියන් සිනමාව ජාත්‍යන්තරව වර්ජනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් පවා අත්සන් කර තිබෙනවා. රුසියාවේ දැඩි පිළිවෙතට විරුද්ධ බොහෝ පිරිස් මේ වෙනකොට ඇත්තෙන්ම රුසියන් සිනමාව වර්ජනය කරලා ඉවරයි.

 ඔවුන් කියන්නේ කලාව තුළ වෛරය වැපිරීමක් නොවූවත්, පවතින අර්බුදය හමුවේ සාමකාමී විස`දුමක් ළ`ගාකර ගැනීම වෙනුවෙන් තමන් මේ පියවර අනුගමනය කළ බවයි. රුසියාව කියන්නේ හොලිවුඞ් සිනමා කර්මාන්තයේ මූලස්ථානයක්. පසු ගිය වසරේ පමණක් ඔවුන් හොලිවුඞ් චිත‍්‍රපට හරහා ඇමරිකානු ඩොලර් මිලියන 601ක් උපයාගත් අතර, ප‍්‍රතිශතයක් විදිහට සෑම වර්ෂයකම එය 2.8%ක අගයක් ගනු ලබනවා. කොයි තරම් පාඩු සිදුවුණත් ඩිස්නි සහ වෝන බ‍්‍රදර්ස් සමාගම් කියන්නේ සාමය ළගාකර දෙන්න තමන් අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය කරන ව්‍යාපාරික තීන්දු තීරණ ගන්න කිසිම අවස්ථාවක පැකිළෙන්නේ නැහැ කියලයි.

 ආක‍්‍රමණයෙන් පසු ඇමරිකාවට අයත් ග‍්‍රීන් ඬේ නමැති රොක් සංගීත කණ්ඩායම රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ සජීවී සංගීත ප‍්‍රසංගයක් පවා නවතා දමා තිබෙනවා. ඩිස්නි

 සමාගම මෙම වසරේ රුසියාව තුළ සිනමාපට තුනක් නිකුත් කරන්න කටයුතු සැළසුම් කරලා තිබුණා. ඒ, මාර්තු 10 වනදා Turning Red සහ මැයි 6 වැනිදාDoctor Strange in the Multiverse of Madness සහ The Bob’s Burgers Movie යන සිනමාපට යි. මේ සියල්ලක්ම තාවකාලිකව අත්හිටුවන්න ඔවුන් තීරණය කරලා ඉවරයි.

 2022 වසරේ ආරම්භයේදී ඩිස්නි සහ වෝන බ‍්‍රදර්ස් රුසියාව තුළ දැවැන්ත සිනමාපට 2ක් නිකුත් කළා. එයින් නයිට් මේල් ඇලී ඩොලර් මිලියන 5ක් ඉපැයූ අතර, ද කිංග්ස් මෑන් ඩොලර් මිලියන 14ක් උපයා තිබුණා. රුසියානු සමූහාණ්ඩුවේ සිනමා හිමියන්ගේ සංගමයේ සභාපති බෙරෙසින් මහතා යුද්ධයට විරුද්ධවීමක් වශයෙන් තමන්ගේ තනතුරින් පවා ඉල්ලා අස්වුණා. ඔවුන් පවසන්නේ රජය සමග තමන්ට කිසිම ගැටලූවක් නැති බවත් යුද්ධයට විරුද්ධවීමක් ලෙස තමන් මෙම තීරණය ගත් බවයි. රුසියාව තුළ දැනට ඉහළ ආදායමක් ලබන හොලිවුඞ් සිනමාපටය වන්නේ Sony Pictures Entertainment ඉදිරිපත් කරන Uncharted නමැති ක‍්‍රියාදාම සිනමාපටයයි. Tom Holland මෙහි ප‍්‍රධාන චරිතය ර`ගපාන අතර, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙය රුසියාව තුළ ඩොලර් මිලියන 20 ක් පමණ උපයා තිබෙනවා.

 ඉදිරියේදී සමාගම ද රුසියාව තුළ බෙදාහරින සිනමාපට නැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් අරගෙන ඉවරයි. ඒ අනුව ඔවුන් ජැරඞ් ලෙටෝ ප‍්‍රධාන චරිත රඟපාන මෝර්බියස් සිනමාපටය බෙදාහැරීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. Paramount Pictures, MGM සහ Universal Pictures යන සමාගම් තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා නැහැ. යුද්ධය දරුණු වුණොත්, සමහරවිට ඔවුනුත් ඉදිරියේදී තමන්ගේ සිනමාපට රුසියාව තුළ බෙදාහැරීම වර්ජනය කරන්න ඉඩ තිබෙනවා. ඇත්තෙන්ම මේක රුසියානු රසික ප‍්‍රජාවට නම් ඒ තරම් සතුටුදායක ආරංචියක් නෙමෙයි.

 අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment