රුසියාව ඉන්දියාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු වෙයි

353


රුසියාව ඉන්දියාවට ආයුධ සපයන ප්‍රධානතම අපනයනකරු බවට නැවත වරක් පත්ව ඇතැයි ස්ටොක්හෝම්හි රාජ්‍යන්තර සාම පර්යේෂණ ආතනය විසින් එළි දක්වා ඇති නවතම තොරතු අනුව අනාවරණය වී ඇත.ඒ අනුව 2018 සිය 2022 කාලය තුළ ඉන්දියාව රුසියාවෙන් ආනයනය කර ඇති ආයුධ ප්‍රමාණය සියයට 45කි. එසේම ලොව ආයුධ ආනයනය කරන රටවල් අතර දෙවැනි තැනට පත්ව ඇත.පළමු තැන සිටින්නේ ප්‍රංශයයි.ඔවුන් ආයුධ ආනයනය කරන ප්‍රමාණය සියයට 45කි.මේ අතර ලොව ආයුධ අපනයනයේ පළමු ස්ථානය ඇමෙරිකාවට හිමිව ඇත. ආරක්‍ෂක නිෂ්පාදනයේ මේක් ඉන් ඉන්දියා කෙරෙහි රජයේ බලපෑම නොතකා 2018/-2022 සමස්‌ත ගෝලීය ආනයනවලින් සියයට 11ක ප්‍රමාණයකට හිමිකම් කියන ලෝකයේ විශාලතම ආයුධ ආනයනකරුවා වීම උපායමාර්ගිකව අවදානමට ලක්විය හැකි මෙන්ම ලැජ්ජා සහගත තත්ත්වයක ඉන්දියාව දිගටම පසුවන බව ඉන්දීය කනිෂ්ඨ ආරක්ෂක ඇමැති අජේ භාත් මහතා රාජ්‍ය සභාව හමුවේ පවසා ඇත. ලොව තෙවැනිතම විශාල හමුදාව ඇත්තේ ඉන්දියාවටය.දේශීයව ආයුධ නිෂ්පාදනය සඳහා රජය සිදුකරන දිරිමත් කිරීම අනුව 2013 සිට 2017 කාලය දක්වා සහ 2018 සිට 2022 දක්වා කාලය තුළ ආයුධ ආනයනය සියයට 11 දක්වා අඩුකර ගැනීමට හැකිව තිබේ.ඒ අනුව අය වැය මගින් විදේශීය ආයුධ මිලදී ගැනීම සඳහා වෙන් කරන මුදල සියයට 46 සිට සියයට 37.7 දක්වා අඩු කර ගැනීමට හැකිව ඇතැයිද අජේ භාත් මහතා සඳහන් කරයි.දේශීයව ප්‍රහාරක ජෙට් යාන,සබ්මැරීන්,හෙලිකොප්ටර්,යුධ ටැංකි නාශක මිසයිල,රාත්‍රී නිරීක්ෂණ ප්‍රහාරක ගුවන් යානා දේශීයව නිෂ්පාදනයට උනන්දු කරවීම මත මෙම තත්ත්වය ඇතිකර ගැනීමට හැකිවූ බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment