රුසියාව තවත් යුක්රේන නගරයක්  අල්ලා ගත් බවට වාර්තා

356

යුක්රේනය ආක‍්‍රමණය කරමින් සිටින රුසියානු හමුදාවන් විසින් යුක්රේන නගරයක් වන ‘ඉස්යුම්’ නගරය අල්ලා ගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘ආර් අයි ඒ – නොවොස්ටි’ පුවත් සේවය වාර්තා කර ඇත.

රුසියානු හමුදාවන් අතට පත් වූ ‘ඉස්යුම්’ නගරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වීඩියෝ පටයක රුසියානු හමුදාවන් විසින් බෝම්බ හෙළීම නිසා විනාශ වී ඇති ගොඩනැ`ගිලි හා මාර්ගවල ගොඩ ගැසී ඇති ප‍්‍රහාරවලින් මියගිය අයගේ මළ සිරුරු පෙන්නුම් කරන බව වාර්තා වී ඇත. යුක්රේන බලධාරීන් පවසා ඇත්තේ කෙසේ වුවද යුක්රේනය මෙම නගරය රුසියාව අතට පත් වූ බවට පළවන පුවත් ප‍්‍රතික්ෂේප කර තිබේ. යුක්රේන බලධාරීන් පවසා ඇත්තේ ඉස්යුම් නගරයේ සටන් තවමත් පවතින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment