රුසියාව තෙල් නොදීම යයි ?

568

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹීම රුසියානු තෙල් සමාගම පසුගිය සතියේ ප්‍රතික්ෂේප කිරීම නිසා රුසියාවෙන් සෘජුවම වට්ටම් සහිතව ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගොස් ඇති බව වාර්තා වේ.
පසුගියදා මෙරටට පැමිණි රුසියානු සමාගම් නියෝජිතයන් දෙදෙනා සමග යම් යම් කොන්දේසි මත මෙම ඛනිජ තෙල් ප්‍රසම්පාදන ගනුදෙනුවලට එළැඹීමට බලශක්ති අමාත්‍යාංශය ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවත් එහෙත් ඒ සියලු උත්සාහයන් ව්‍යවර්ථ ඇති බවත් වාර්තාවේ.

ශ්‍රී ලංකාව සිය විදේශ ණය පැහැර හැරීම ප්‍රකාශ කිරීම ඊට හේතුවී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment