රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමැතිගේ ප්‍රකාශය බොරුවක්!

1159

කොළඹ රුසියානු තානාපති කාර්යාලය කියයි

රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම බොරුවක් බව කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (24දා) පැවසීය.

රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමැතිගේ ප්‍රකාශය බොරුවක්!

කසාන්හි තෙල් සමාගම ද ශ්‍රී ලංකාවට ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවට ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත හදිසි ලිපියක් එවා ඇති අතර මෙම ලිපිය ඇල්ලේ හිමියන් විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.

සයිබීරියානු බොරතෙල් ටොන් 90,000ක් රැගත් රුසියානු නියොන් බෙලොස් නැව කොළඹ වරාය සමීපයේ නැංගුරම්ලා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබුණි.

රුසියානු බොරතෙල් ලබාගැනීම ගැන බලශක්ති ඇමැතිවරයා කොළඹ රුසියානු තානාපතිවරයා සමග ද කිසිදු සාකච්ඡාවක යෙදී නැත. රුසියාව මේ වනවිට ඉන්දීය තෙල් සමාගම් පහකට බොරතෙල් ලබාදී තිබේ. එහෙත් අද වනතුරු රුසියානු බොරතෙල් ලබාගැනීමට මෙරට බලශක්ති අමාත්‍යාංශය ක්‍රියා කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment