රුසියාව යුක්රේනය  ආක‍්‍රමණය කිරීම ගැන  චීනයේ නිහඬ බවට චෝදනා

586

රුසියාව සිය අසල්වාසී යුක්රේනයට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව චීන රජය හෙළාදැකිය යුතු යැයි චීන ඉතිහාසඥයකු වන සී ගුවෝකී ඇතුළු ඉතිහාසඥයන් පස්දෙනෙක් විවෘත ලිපියක් මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කර චීන රජයෙන් ඉල්ලා සිටිති.

 ඔවුන් මෙම ලිපියෙන් පවසා ඇත්තේ මීට වසර සියයකට පෙර ඇති වූ දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් අනුව චීනයට ද ඉන් දරුණු ප‍්‍රතිඵල අත්විඳීමට සිදුවූ බවය. මෙම තත්ත්වය මත චීනය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් මෙම ආක‍්‍රමණයට එරෙහිව ප‍්‍රතිචාර දැක්විය යුතු බව ද ඔවුහු සඳහන් කරති. මෙම යුද්ධයේ බලපෑම යුරෝපයට පැතිර ගියහොත් එය චීනයට ද අහිතකර බව ඔවුහු පවසති.

 මේ අතර චීන විදේශ ඇමැති වැන්ග් යි සිය වෙබ් අඩවියේ ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රසිද්ධියේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන ඕනෑම ක‍්‍රියාවකට චීනය විරුද්ධ වන බවය.

 එහෙත් මෙම ප‍්‍රතිචාරය ප‍්‍රමාණවත් නොවන බවත්, චීන ජනාධිපති සී. ජින් පින් ගේ සිට රුසියානු ප‍්‍රහාරවලට එරෙහිව ප‍්‍රතිචාර දැක්විය යුතු බවත් එම ඉතිහාසඥයෝ සඳහන් කරති.

 චීනයේ මහජන මතය මැන බැලීම ඉතා දුෂ්කර බවත්, එරට බැංකු සහ ව්‍යාපාර අංශ ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පවසති.

 චීනයේ ප‍්‍රධානතම රාජ්‍ය බැංකු දෙකක් රුසියානු භාණ්ඩ මිලදී ගැනීම සීමා කිරීමට සැරසෙන බවත්, එසේ කරනු ලබන්නේ ඇමෙරිකාවේ සම්බාධක හමුවේය.

 බීජිනය සිය ප‍්‍රතිචාරය පැහැදිලිව දක්වතොත් රුසියාව යුක්රේනය ආක‍්‍රමණය සම්බන්ධව යම් තීරණයකට පැමිණිය හැකි බවත් එම ඉතිහාසඥයෝ සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment