රුසියාව-යුක්රේනය සාම සාකච්ඡා අරඹයි

440

* රුසියානු ප‍්‍රහාරයකින්  ලොව විශාලම ගුවන් යානය විනාශයි

රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡුා බෙලරුස් දේශසීමාව අසල දී ආරම්භ වී ඇත.

ඒ සඳහා යුක්රේන් ජනපති තව කණ්ඩායම් දෙකක් පි‍්‍රපියර් ගංගාව අසලට යවා තිබේ. මේ අතර වහාම රටින් පලා යන ලෙස ඇමරිකාව විසින් යුක්රේන් ජනපතිට පවසා ඇතත් ඔහු එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ. ජනපති වැලෙන්ස්කි සිටින ස්ථානය මෙතෙක් අනාවරණය වී නැත.

රුසියාව-යුක්රේනය සාම සාකච්ඡා අරඹයි

මෙම ගැටුම ගැන හිටපු ඇමරිකානු ජනපති ට‍්‍රම්ප් පැවසුවේ ඔබාමා බලයේ සිටිය දී රුසියාව විසින් කි‍්‍රමියාව අල්ලාගත් බවත් බයිඩන් ජනපති යටතේ යුක්රේන ආක‍්‍රමණය සිදු වූ බවත්ය.

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම පිළිබඳව නේටෝ සංවිධානය සහ එක්සත් ජාතීන් ්ගේ සංවිධානය ද මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත. මෙලෙස යුක්රේනය සමග සාම සාකච්ඡුා ආරම්භ වුවත් යුද මෙහෙයුම් නතර කිරීමට රුසියානු ජනපති ව්ලැඞ්මීර් පුටින් කි‍්‍රයාකර නොමැත.

මේ වනවිට දෙරටට සිදුවූ හානිය ගැන නිසි තොරතුරු හෙළිකර නැත. යුක්රේනය පැවසුවේ රුසියානු ප‍්‍රහාරක යානයක්, හෙලිකොප්ටර් 52ක් විනාශ කර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment