රුසියාව යුක්රේන් කලාප හතරක හදිසි නීතිය පනවයි

251

රුසියාව විසින් නීති විරෝධී ලෙස සිය රටට ඈඳා ගත් බව කියන යුක්රේනයට අයත් කලාප හතරෙහි යුද නීතිය ප්‍රකාශ කිරීමට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් පියවර ගෙන තිබේ. තමන් විසින් යුක්රේනයට අයත් කලාප හතරක යුද නීතිය ප්‍රකාශ කිරීමට අදාළ ආඥාවට අත්සන් තැබූ බව රුසියානු ජනපති පුටින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව රුසියාවට ඈඳා ගත් ‘කර්සන්’, ‘සැපෝරිස්සියා’, ‘හන්ස්ක්’ හා ‘ඩොනෙට්ස්ක්’ යන කලාප හතරෙහි යුද නීතිය ප්‍රකාශ කර තිබේ. ඉකුත් මාසයේදී රුසියාවට ඈඳා ගත් මෙම කලාපවල රුසියාවට එක් විය යුතුද ?, නැතිද? යන්න විමසීම සඳහා පසුගියදා ජනමතවිචාරණයක් පැවති අතර එහිදී රුසියානු හමුදාවන් ජන්දය භාවිත කරන ලෙසට එම කලාපවල වෙසෙන ජනතාවට බලපෑම් කළ බවටද චෝදනා එල්ල වී තිබේ. මෙසේ යුක්රේනයට අයත් කලාපවල ජනමතවිචාරණ පැවැත්වීම පිළිබඳව යුක්රේනයේ හා ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විරෝධය මතුව තිබිණි ; මේ අතර යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති කර්සන් කලාපයේ සිටින සිවිල් වැසියන් 50,000ත් 60,000ත් අතර සංඛ්‍යාවක් එම කලාපයෙන් ඉවත්ව යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර රුසියාව කර්සන් කලාපයේ ජනතාව යුක්රේන හමුදාවන්ට එරෙහිව පවතින සටන්වලදී ප්‍රාණඇපකරුවන් වශයෙන් තබා ගනිමින් මිනිස් පලිහක් ලෙස භාවිත කිරීමට තැත් දරමින් සිටින බවට කර්සන් කලාපයේ පරිපාලකයන් විසින් චෝදනා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment