රුසියාව යුක්රේන් දේශසීමාවෙන් හමුදා කොටසක් ඉවත් කර ගනී

412

යුක්රේන් දේශ සීමාවේ රඳවා ඇති හමුදා භට ප‍්‍රමාණයෙන් කොටසක් ඉවත් කර ගන්නා බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

මෙම භට පිරිස් සිය පුහුණු මෙහෙයුම් අවසාන කර ඇති බැවින් නැවත තම හමුදා කඳවුරු වෙත යැවෙන බව ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි. කෙසේ නමුත් යුද අභ්‍යාස නතරවී නැති බවත් ඒවා දිගටම කි‍්‍රයාත්මක බවත් රුසියාව කියයි. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කරනු ඇතැයි බටහිර මාධ්‍ය ඇති කළ මාධ්‍ය මෙහෙයුම පරාජය වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment