රුසියාව යුක්රේන දේශසීමාවෙන්  හමුදාව ඉවත් කරගෙන නැහැ – ඇමෙරිකාව

313

යුක්රේනයේ දේශසීමාව අසළ රඳවා සිටි රුසියානු හමුදාවන් ඉවත් කරගත් බවට රුසියාව විසින් සිදු කර ඇති ප‍්‍රකාශය අසත්‍ය වන අතර පසුගිය දිනවල 7000ක් පමණ වන අතිරේක රුසියානු හමුදා භටයන් පිරිසක් යුක්රේන දේශසීමාව අසළට පැමිණ ඇති බව ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු පවසා තිබේ. මෙවැනි නිවැරදි නොවන නොම`ග යවන සුළු ගෙතූ කතාවක් ප‍්‍රචාරය කරමින් ඕනෑම මොහොතක රුසියාවට යුක්රේනය ආක‍්‍රමණය කරනු ඇති බව එම නිලධාරියා පවසා තිබේ.

කෙසේ වුවද රුසියාව පවසා ඇත්තේ දැනට සිදු කෙරෙන යුද අභ්‍යාස අවසන් වූ පසු යුක්රේන දේශසීමාවෙන් රුසියානු හමුදාවන් ඉවත් කරගැනීමට පියවර ගන්නා බවයි. එහෙත් බටහිර රටවල් පවසා සිටිනුයේ රුසියාව සිය හමුදාවන් යුක්රේන දේශසීමාවෙන් ඉවත් කරගන්නා බවට කර ඇති ප‍්‍රකාශය තහවුරු වන ආකාරයේ කිසිදු සාක්ෂියක් මෙතෙක් දක්නට ලැබී නොමැති බවයි. මේ අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ජර්මන් චාන්සලර් ඔලොෆ් ස්කොල්ස් විසින් දුරකථනය ඔස්සේ පැවැත්වූ සාකච්ඡුාවකදී පවසා ඇත්තේ රුසියාව සැබෑ වශයෙන්ම සිය හමුදාවන් යුක්රේන දේශසීමාවෙන් ඉවත් කරගන්නේ නම් එය සැබෑ වශයෙන්ම පියවරෙන් පියවර සිදු කළ යුතු බවයි. බටහිර රටවල් විසින් චෝදනා කරන පරිදි යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බවට දිගින් දිගටම පවසා ඇති රුසියාව මේ වන විට රුසියානු – යුක්රේන දේශසීමාවේ සිය හමුදා භටයන් ලක්ෂයකට අධික පිරිසක් රඳවා සිටින බව වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment