රුසියාව ලොකු යුද්ධයකට සුදානම් – බොරිස් ජොන්සන්

522

රුසියාව ‘‘1945 පසු යුරෝපයේ විශාලතම යුද්ධය” ඇති කිරීමට සැලසුම් කරන බව බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

 බීබීසි පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ ‘‘මේ සැලැස්ම දැනටමත් ආරම්භ වී ඇති බවයි.”

 ඇමෙරිකානු විසින් කරන ලද නවතම ඇස්තමේන්තුවලට අනුව රුසියානු භටයන් 169,000 ත් 190,000 ත් අතර සංඛ්‍යාවක් දැන් යුක්රේනයේ දේශසීමාවේ, රුසියාවේ සහ අසල්වැසි බෙලරුස්හි ස්ථානගත කර ඇත – නමුත් මෙම සංඛ්‍යාවට නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් ද ඇතුළත් වේ.

 එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක ගෙන එන බව ජොන්සන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment