රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

72

රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී

පසුගියදා නව රුසියානු තානාපති ඛැඩ්බ ීග ෘ‘ය්ට්රහ්බ මහතා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දශක ගණනාවකට පෙර ඔරුවල වානේ කර්මාන්ත ශාලාවක් සහ කැලණියේ ටයර් කම්හලක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ කාර්මීකරණයට සෝවියට් සංගමය ලබාදුන් සහයෝගය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. ශ්‍රී ලාංකික සිසුන්ට ලුමුම්බා රුසියානු විශ්වවිiාලවල පිරිනමන ශිෂ්‍යත්ව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා ස්තුතිය පළ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා රුසියාවේ උපරිම සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ශ්‍රී ලංකාව තුළ රුසියානු මහා පරිමාණ ආයෝජන සඳහා ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කෙරිණි. මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගි විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment