රුසියාව සහ ඉන්දියාව ආරක්ෂක සබඳතා තර කර ගනී

208

ඉන්දියාව සහ රුසියාව අතර ආරක්ෂක සබදතාවක් පැවතීම ඉතා වැදගත් යැයි රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු මහතා පවසයි.දෙරට පිහිටීම අනුව ද මෙම සබදතාව බෙහෙවින් වැදගත් වේ යැයි හෙතෙම සඳහන් කරයි.ඔහු මේ බැව් පැවසූවේ ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිංග්හ සහ විදේශ ඇමැති ජයිෂන්කර් යන මහත්වරුන් ඉකුත්දා හමුවූ අවස්ථාවේදීය.කලාපීය ආරක්ෂාව සඳහා ද ඉන්දියාවේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද මෙහිදී රුසියානු ආරක්ෂක ඇමැතිවරයා සදහන් කර ඇත.රුසියාව සහ ඉන්දියාව අතර ඒකේ-203 වර්ගයේ රයිෆල් 6,01,427ක් මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය සදහා අත්සන් තැබීම ද මෙම හමුවේදී සිදූවූ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment