රුසියාව සහ යුක්රේනය අතර සයිබර් යුද්ධය ඇවිලේ

986

රුසියාව සහ යුකේ‍්‍රනය අතර සයිබර් යුද්ධය තීව‍්‍ර වී ඇති අතර, රුසියාව යුකේ‍්‍රන රාජ්‍යයට අයත් පද්ධතිවල දත්ත ස්ථිරවම විනාශ කිරීමට නව විනාශකාරී අනිෂ්ට මෘදුකාංගයක් භාවිතා කරයි. රුසියාවේ යුකේ‍්‍රන ආක‍්‍රමණය කිරීම නිසා අනවසරයෙන් වෙබ් අඩවිවලට ඇතුළුවීමේ කණ්ඩායම් ගෝලීය වශයෙන් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් වැඩි කර තිබේ.

 රුසියාවේ පිටුබලය ලබන හැකර්වරුන් දැනටමත් යුක්රේන රජයේ වෙබ් අඩවි සහ බැංකු කිහිපයකට පහර දී ඇති අතර අනෙක් පසින් ලොව ප‍්‍රමුඛ පෙළේ හැකර් කණ්ඩායමක් රුසියාවේ මෙහෙයුම් ඉලක්ක කර ගනිමින් ”බටහිර සහචරයින්” සමඟ පෙළගැසී ඇති බව ප‍්‍රකාශ කර ඇත. ‘‘නිර්නාමික සාමූහිකය රුසියානු රජයට එරෙහිව නිල වශයෙන් සයිබර් යුද්ධයක යෙදී සිටී” යනුවෙන් එම කණ්ඩායම නිවේදනය කර තිබිණි.

 මේ අතර, තවත් සයිබර් ප‍්‍රහාරක කණ්ඩායමක් කියා සිටියේ එය ‘‘රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දත්ත ගබඩාවට තමන් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment