රුහුණු මහා කතරගම දේවාලයේ අවුරුදු මංගල්‍ය 14දා

164

රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර අවුරුදු මංගල්‍ය ලබන 14 වැනි දින රාති‍්‍ර සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගූණසේකර මහතා පැවසීය.

දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන චාරිත‍්‍ර සිදු කරමින් 13 වැනි දින රාති‍්‍ර මහා දේවාලය් ඉදිරිපිට කිරි ඉතිර වීමේ මංගල්‍ය සිදුකර දේවාලය වසා දමනු ලබන බවත් නව වසර උදාවීමත් සමග 14 වැනි දින සවස සුබ හෝරාවෙන් දේවාලය නැවත විවෘත කර චාරිත‍්‍ර ඉටුකර පසුව රාති‍්‍ර අවුරුදු මංගල්‍ය පවත්වා නව වසරේ ප‍්‍රථම පූජාව සිදුකර රටට ජාතියට ආශීර්වාය සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා සඳහන් කරන ලදී.

කතරගම – කේ.ඞී. දේවපි‍්‍රය
 

advertistmentadvertistment
advertistmentadvertistment