රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 38 කට කොරෝනා

297

කඹුරුපිටිය, රුහුණුගම පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ සිසුන් 170 දෙනකු සඳහා සිදුකළ ක්‍ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්‍ෂාවෙන් සිසුන් 38 දෙනකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇතැයි කඹුරුපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අංජන ගල්බඩහේවා මහතා පැවසීය.

කොවිඞ් 19 අසාදිත බවට හඳුනාගෙන ඇති සිසුන් අනෙක් සිසුන්ගෙන් වෙන්කර නේවාසිකාගාරය තුළම රඳවා තබා ප‍්‍රතිකාර ලබාදීමට විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත . පසුගිය 25 සහ 26 යන දිනවලදී මෙම සිසුන්ට කොවිඞ් අසාදනය වී ඇති බව හඳුනාගෙන තිබිණි. මේ අතර කඹුරුපිටියේ පිහිටි ඇඟලූම් කම්හලක සේවිකාවන් 6 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 16 දෙනෙකු කොවිඞ් 19 අසාදනය වී තිබෙන බව කරගොඩ උයන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඉරංග හේමාල් මහතා පැවසීය. පසුගිය 27 වැනිදා සිදුකල ක්‍ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්‍ෂණයකින් මෙම අසාදිතයන් හඳුනාගෙන ඇත.

පී. එල්. ජයවර්ධන – කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment