රුහුණේ පශ්චාත් උපාධි නව පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. මංගල සී. එස්. ඩී. සිල්වා

101

රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ නව පීඨාධිපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. මංගල සී. එස්. ඩී. සිල්වා මහතා පසුගිය 16 වැනිදා එම ධුරයේ වැඩ භාරගත්තේය.

ඒ මහතා වැලිමඩ මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කර රුහුණ විශ්වවිද්‍යාලයෙන් පළමු පෙළ සාමාර්ථයක් සහිතව සත්ත්ව විද්‍යා විශේෂවේදී උපාධිය ලබා ගත්තේය. මහාචාර්ය පී. මංගල සී. එස්. ඩී. සිල්වා මහතා මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නෝර්වේහි බර්ගන් විශ්වවිද්‍යාලයෙන් ද, පාරිසරික විෂ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ඈම්ස්ටර්ඩෑම්, නෙදර්ලන්තයෙන් ද ලබාගෙන ඇත. හෙතෙම රුහුණ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී මෙන්ම සාගර සහ සාගර භූවිද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී ද වේ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. මංගල සී. එස්. ඩී. සිල්වා මහතා පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධුරයේ වැඩ භාරගත් අවස්ථාවයි.

මෙම විශේෂ අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ නියෝජ්‍ය උපකුලපති සමන් චන්දන එදිරිවීර යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment