රුහුණේ මීකිරිත් තිත්තවේ

445

පවතින ඉන්ධන හිගය හේතුවෙන් රුහුණේ මිකිරි කර්මාන්තයට කඩා වැටි ඇතැයි තිස්සමහරාම හා අවට ප‍්‍රදේශවල මීකිරි නිෂ්පාදකයින් පවසති.
ප‍්‍රදේශයෙන් පිට ප‍්‍රදේශයන්හි පිටපට්ටි කර ඇති දෙනුගෙන් දොවා ගන්නා දියර මීකිරි ප‍්‍රවාහනය කර ගැණීමේ දී හා මුදවන ලද මීකිරි පිට ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කර ගැණිමට වාහන නොපැමිණිම හේතුවෙන් මෙම තත්වය උදාවි ඇති බව පවසන ඔවුන් වාහන සදහා ඉන්ධන නොමති විම මිට ප‍්‍රධාන හේතුව බවද කිවේය.
වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ පවතින ලදු කැලෑ ප‍්‍රදේශයන් ගෙන් තිස්සමහරාම අමරවැව ප‍්‍රදේශයෙන් හා ලූණුගම්වෙහෙර කඩවරවැව ප‍්‍රදේශයෙන් තණ බිම් දෙකක් නාමිකව කිරි ගොවින් වෙත ලබා දි ඇතැත් එහි ගව පාලනයට අවම පහසුකම් වත් නෙමෙැති විම හේතුවෙන් කිරි ගොවින් විසින් තම කිරි ගවයන් තණමල්විල, කුඩාඔය හා මොණරාගල සියඹලාආණ්ඩුව, කොටියාගල වැනි දුර ප‍්‍රදේශවල පිට පට්ටි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment