රුහුණ විද්‍යාපීඨයේ ගුරු අභ්‍යාසලාභීන් 62කට කොවිඩ්

203

අක්මීමන රුහුණු විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභී සිසුවියන් හැටදෙදෙනකුට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බව රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලදී තහවුරුවී ඇති බව අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

කොවිඞ් ආසාදිත ගුරු අභ්‍යාසලාභීන් 20 දෙනකු හික්කඩුව ආරච්චිකන්ද කොවිඞ් මධ්‍යස්ථානය වෙත පෙරේදා (22දා) දින යොමුකළ බවත් කොවිඞ් ආසාදිත අනිකුත් ගුරු අභ්‍යාසලාභීන් ඇල්පිටිය ඉදල්කන්ද කොවිඞ් මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට සැලසුම් කර ඇති බවත් අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. රුහුණු විද්‍යා පීඨයේ ගුරු අභ්‍යාසලාභීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 104 දෙනෙක් රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක්කරනු ලැබූහ.

කොවිඞ් ආසාදිත ගුරු අභ්‍යාසලාභීන්ගේ පළමු පෙළ ආශ‍්‍රිතයන් වෙන්කොට තැබීමට කටයුතු කර ඇති බවද අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙන්වා දෙයි. රුහුණු විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ගුරු අභ්‍යාසලාභී සිසු සිසුවියන් 500 දෙනකුට අධික පිරිසක් ඉගෙනුම ලබති. රුහුණු විද්‍යාපීඨය කොවිඞ් මධ්‍යස්ථානයක් ලෙස පසුගිය කාලයේදී භාවිතා කරනු ලැබීය.

ලලිත් චමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment