රු. ලක්‍ෂ 16,000 කට අධික පාඨලීගේ අයථා මුදල් වැයකිරීම් සොයන්න

1786

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා මාධ්‍යට කරුණු දැක්වූ අයුරු….

*ඇවන්ගාඞ් රැකියා අහිමිවූවන්ගෙන් පැමිණිල්ලක්

සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලි චම්පික රණවක මහතා යහපාලන රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් ව්‍යාපෘති හා වෙනත් ව්‍යාපෘති කිහිපයක් සඳහා රුපියල් ලක්‍ෂ 16,000 කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ඇවන්ගාඞ් සමාගමේ රැකියා අහිමිවූවන්ගේ සංගමය ඊයේ (28 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පාඨලි චම්පික රණවක මහතා මහ නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එනම් 2016 වසරේදී කොළඹ ඞී. ආර්. විජේවර්ධන මාවතට යාබදව පිහිටි අක්කර දෙකකට අධික ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෞද්ගලික සමාගමකට වසර 50 ක කාලයකට මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බදු දීමේදී රුපියල් මිලියන 330 ක වංචාවක් සිදුවී ඇති බවත් ඇවන්ගාඞ් ආයතනයේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ගොනුකළ එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

එයට අමතරව 2019 වසරේදී වෝටර්ස් එජ් පරිශ‍්‍රයේ ඕකිඞ් ගාඞ්න් ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්‍ෂ 700 කට අධික මුදලක් වෙන්කර ඇතත් මේ දක්වා එකදු ඕකිඞ් පැළයක් හෝ සිටුවා නොමැති බවත් 2018 වසරේදී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල පති‍්‍රකා අනුව ආරම්භ කළ අවන්හල් ව්‍යාපෘතිය සඳහා කිසිදු විකුණුම් ඇස්තමේන්තුවකින් තොරව රුපියල් ලක්‍ෂ 400ක් අනුමත කර ඇති බවත් පැමිණිලිකාර සංගමය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පෙන්වා දී තිබේ. එයට අමතරව එම හෝටල් පරිශ‍්‍රයේ කාමර 48කින් යුතු ව්‍යාපෘතියක් සඳහා රජයේ නෛතික කි‍්‍රයාදාමයට පටහැනිව රුපියල් ලක්‍ෂ 12000 ක මුදලක් අනුමත කර ඇති බැවින් එකී අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාඨලි චම්පික රණවක මහතාට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ජගත් මුණසිංහ, වෝටර්ස් එජ් හිටපු සභාපති චමත් සිල්වා හා කුප‍්‍රකට පැනමා පති‍්‍රකාවල පවා නම සඳන් වූ විද්‍යා අමරපාල යන අය සම්බන්ධයෙන් හා ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ලෙස ද ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක
ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment