රූට් ලෝක ටෙස්ට් පිතිකරුවන් අතර එකට එයි

210

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල වසර හයකට පසුව අංක 01 ට පැමිණීමට එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් සමත් වී ඇත.

මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ට සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් දෙවැනි තැනට පත් කරමින් අංක 01 ට පැමිණි රූට් ඒ සඳහා ලබා ගෙන ඇති ප‍්‍රසාද ලකුණු ගණන 916 කි.

ඉන්දියාවට එරෙහිව දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරග 3 දී ශතක 3 ක් සහ අර්ධ ශතකයක් ලබා ගනිමින් ලකුණු 507 ක් රැුස් කිරීමට රූට් සමත් වී ඇති අතර එහි සාමාන්‍ය 126.75 ක් වේ. ස්ටීව් ස්මිත් අංක 03 ස්ථානයේ පසුවන අතර අංක 05 සිටි ඉන්දීය නායක විරාත් කෝලි අංක 06 දක්වා පහළට බැස ඇත. මෙම ශ්‍රේණිගත කිරීම් ඊයේ (01 වැනිදා) නිකුත් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment