රූප රචනා අධ්‍යක්ෂණයේ 150 කඩඉමට ළඟා වූ එරන්ද

113

ජීවිතය ලස්සනයි, රුවන් මාළිගා, අපි අපි වගේ, සත්පුර වැසියෝ ආදී ටෙලිනාට්‍ය ගණනාවක සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ගීත රූප රචනා අධ්‍යක්ෂණයකට පිවිසි එරන්ද වනිගසේකර ස්වකීය රූප රචනා අධ්‍යක්ෂණයේ 150 වැනි කඩඉමට පැමිණ තිබේ. සවිඳු කපුහේනතුඩුවගේ ගයන “ දහසක් නෙතු මා” ගීතය සඳහා රූප රචනය අධ්‍යක්ෂණය කරමින් ඔහු මෙම සුවිශේෂී කඩඉමට පැමිණ තිබේ.

“සුසිල ප්‍රඩක්ෂන් ආයතනයට 2007 වසරේදි සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස සම්බන්ධ වෙලා 2013 වසර තෙක් ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ලබපු අද්දැකීම් මේ ගමන එන්න ඉවහල් වුණා. හරී ක්‍රියෙෂන් එකේ ගීත රූප රචනා අධ්‍යක්ෂණයටත් මම මුලින්ම සම්බන්ධ වුණේ සහය අධ්‍යක්ෂණයට. නමුත් පසුව එහි නිර්මාණ අධ්‍යක්ෂණය මේ තාක් මම කරගෙන එනවා. සසිකා නිසංසලාගේ ඔබ මා හමුවූදා, තීක්ෂණ අනුරාධගේ සායම් කිරිල්ලී, නොයෙල් රාජ්ගේ දුක වැඩි තරමට වැනි ජනප්‍රිය රූප රචනා ඇතුළත් තවත් ගීත බොහොමයක් ඒ අතර වෙනවා. රූප රචනා වලට අලුත් මුහුණුවරක් ගෙනෙන්නයි මගේ ඊළඟ ඉලක්කය වෙන්නෙ’‘ එරංග පවසනවා.

පසු ගිය වසරේ පැවති සමති සම්මාන උළෙලේ පරිසර වාර්තා වැඩසටහන් අංශයෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි සුමති සම්මානය ලැබෙන්නේද එරන්දටය. දඹානේ වැදි ජනතාව කොරෝනා සමගේ ගෙවූ ජීවිතය පිළිබඳ අපූරු වාර්තා වැඩසටහනක් ඔහු එහිදී ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment