රූලට පිටින් සජිත් කතා කරයි.. කථානායක සභාව කල් තියයි

276

පාර්ලිමේන්තු කටයුතු න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම අදහස් දැක්වීමට යෑම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (21 දා) සභාවේ කටයුතු විනාඩි 10කට නවත්වා අසුනින් නැගිට ගියේය.

විපක්ෂ නායකවරයා වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය දීර්ඝ කතාවක් බවට පරිවර්තනය කරමින් සිටියේය.

ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායකවරයා විරුද්ධත්වය පළ කළහ.

කථානායක-

සභාවේ විනය රකින්නැද්ද?. සභාව කල් තබනවා.

යැයි කියමින් කථානායකවරයා අසුනින් නැගිට ගොස් පසුව විනාඩි 15 කින් පමණ න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු සිදු කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment