රෙගුලාසිවලට පිටින් – පිටි ගේන හැටි

262

මේ වන විට රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6ක් මෙරටට ගෙනවිත් ඇත්තේ ආනයන අපනයන රෙගුලාසි උල්ලංඝනය කරමින් බව අද ( 29 ) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය . මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබීය.
එම කිරිපිටි බහාලුම්වලට අදාළව පරීක්ෂණ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඒ මහතා ඉදිරිපත් කළ අතර අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති බවය.
එහෙත් මෙරට කිරිපිටි හිඟයක් ඇති වීමේ අවදානමක් නැති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment