රෙජිස්ට්‍රාර් ජනරාල් ඉවත් කරන්න හදයි

392

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඉවත් කිරීමේ සූදානමක් පවතින බව එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් ගුණවර්ධන මහතා පොළොන්නරුව දිසාපතිවරයාය මිට රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට වැඩ බැලීම සඳහා පත්කෙරිණි.

දේශපාලන අවශ්‍යතාවලට අනුව වැඩ නොකිරීම නිසා ඔහු ඉවත් කිරීමද අද (20 දා) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් උපත්, මරණ, විවාහ ලියකියවිලිවලට අමතරම ඉඩම් සම්බන්ධයෙන්ද කටයුතු කෙරිණි. ඇතැම් දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් රෙජිස්ට්‍රාර් ජනරාලවරයා කටයුතු නොකරන නිසා ඔහු ඉවත් කර ප්‍රාදේශීය ලේකම්වරයකු එම තනතුරට පත්කිරීමට උත්සාහ ගනිමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියා සිටී.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ සිට දෙපාර්තමේන්තුව මගින් උපත්, මරණ, විවාහ ලියකියවිලිවලට අමතරව ඉඩම් සම්බන්ධයෙන්ද කටයුතු කෙරිණි. ඇතැම් දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කටයුතු නොකරන නිසා ඔහු ඉවත් කර ප්‍රාදේශීය ලේකම්වරයා එම තනතුරට පත්කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද එම ආරංචි මාර්ග කියා සිටී.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ සිට දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස එම දෙපාර්තමේන්තුව පිරිස් බඳවා ගනු ලැබුවත් එය 2017 වෙනස්කර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පත්කිරීමට කටයුතු කර තිබුණි. නමුත් එම ක්‍රමය වෙනස්කර වත්මන් කොමසාරිස් ජනරාල්වරයා තමා ඉවත්ව යෑමෙන් පසු නැවත එම දෙපාර්තමේන්තු නිලධාරියා ජනරාල් තනතුර ලැබෙන ලෙස කටයුතු සකස් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය. මෙය ඉවත් කිරීමෙන් පසු එම අවස්ථාව නැවත දෙපාර්තමේන්තු නිලධාරීන්ට අහිමිවන තත්ත්වයක් පැන නගින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment