රෙජිස්ටාර් තනතුර දීමේ දී සාමදාන පදවියත්

108

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දී ඇත.
දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සාමාජිකයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
රෙජිස්ටාර්වරුන්ට පවතින වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතා මෙහි දී කරුණු ඉදිරිපත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment