නෙදර්ලන්තයේ සිට මෙරටට එවන ලද පාර්සලයක තිබී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් (136,400,000)ක් පමණ වටිනා මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රවය නිවාරණ අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම පාර්සලයේ තිබූ රෙදිපිළි ඇඳ ඇතිරිලි 07 ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණු මෙතෆෙටමින් නමැති මත ද්‍රව්‍ය පෙති 13,640 ක් පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.