රෙදි අන්දන්න නොව ගලවන්න සුන්දරියන් යොදාගත් පුදුම හිතෙන ව්‍යාපාරයක්

3597

මධුසංඛ ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවු 37 කි. විවාහකයකු වන මොහු රෙදි විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. ඒ දැනට වසර පහක පමණ සිටයි.

මාතර පදිංචි අමිල පෙරේරා මධුසංඛගේ ගජ මිතුරෙකි. වයස අවුරුදු තිස් අටක් වන ඔහු ද රෙදි විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. දෙදෙනා දැන හැඳින ගත්තේ එම ව්‍යාපාර කටයුතුවලදීය. එම දැන හැඳින වැඩි කලක් නොගොස් ලොකු මිත‍්‍රත්වයක් බවට පෙරළුණි.

විවේකී අවස්ථාවන්වල අමිල මධුසංඛගේ නිවෙසටත්, මධුසංඛ අමිලගේ නිවසටත් යෑමට පුරුදු වී සිටියේය. ඒ අනුව එම නිවෙස්වල අනෙක් අය පවා ඔවුනොවුන් දැන හඳුනගත්හ.

කලක් එලෙස ගතවිය. කොරෝනා වසංගතය හමුවේ දෙදෙනාගේම ව්‍යාපාර බිඳ වැටුණි. ව්‍යාපාර බිඳ වැටීමත් සමග ඔවුන් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. එම නිසා දිනක් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

”මේ කොරෝනා වසංගතය කවදා ඉවර වෙයිද කියන්න බැහැ.”

”ඒක තමයි අමිල.”

”දැන්නන් අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා තියෙන්නේ.”

”ඒක ඇත්ත ආපහු ඒවා ගොඩ දාන්න බැහැ.”

”ඔව් අමාරුවෙන් පටන් ගත්තත් මිනිස්සු එන්නෑ රෙදි ගන්න.”

”මොකද දැන් අපි කරන්නේ.”

”ඒක තමයි මමත් කල්පනා කළේ.”

”අතේ සතයක්වත් නැහැ. කන්නෙ බොන්නෙත් ණයට.”

”අපිත් එහෙම තමයි. තව ටික දවසක් ගියොත් ගෙදර උන් එක්ක වහ ටිකක් තමයි කන්න වෙන්නෙ.”

”මගේ ළඟ පොඩි අයිඩියා එකක් තියෙනවා. මම දන්න කෙනෙකුත් මේ වැඬේ කරලා ගොඩ ගියා.”

”මොකක්ද උඹ කියන ඔය වැඬේ.”

”හැබැයි ටිකක් නීති විරෝධී වැඩක්. පරිස්සමෙන් කළොත් කිසි අවුලක් නැහැ.”

”කමක් නැහැ බං දැන්නම් මොකක් හරි කරලා සල්ලි ටිකක් හොයා ගන්න ඕනා.”

”මේකයි කාරණය. දැන් රට වටේම ස්පා වහලා තියෙන්නේ.”

”ඉතින්.”

”ඉතින් කියන්නේ ඒවායේ වැඩ කරපු කෙල්ලෝ නන්නත්තාර වෙලා ඉන්නේ ජීවත් වෙන්න විදිහක් නැතුව.”

”අපිට මොකක්ද කරන්න පුළුවන්.”

”මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒ වගේ කෙල්ලෝ ටිකක් හොයාගෙන අන්තර්ජාලය හරහා සල්ලිවලට විකුණමු.”

”වැඬේ නම් හොඳයි. ඒත් කොහොමද අපි මේක කරන්නේ.”

”මම දන්න කෙනෙක් මේක කරනවා. අතේ සතේ නැතුව හිටියේ. දැන් යන්නෙ එන්නෙ වාහනවල.”

”එහෙම නම් මොකටද තවත් පරක්කු වෙන්නෙ.”

”ඒක තමයි අපි ඉක්මනට මේක පටන් ගමු.”

”ඒක නෙවෙයි දැන් කොහෙද ඔය වැඬේ කරන්නේ.”

”අපේ ගම්වල කරන්න බැහැනේ. මීගමුව පැත්තෙ කරමු. එහෙ ඉන්නෙ හොඳට කන බොනවුන්.”

”හරි උඹ කියන ඕන දේකට මම එකඟයි. ඉක්මනටම වැඬේ වෙන විදිහක් බලපං. අද හෙට වුණත් කමක් නෑ.”

”හරි මම යාළුවට අදම කතා කරලා විස්තර ටිකක් අහගන්නම්. උඹ පුළුවන් නම් මීගමුව පැත්තෙන් හොඳ ගෙයක් හොයපන් අපිට කුලියට ගන්න.”

”හිටපං මීගමුව පැත්තේ හොඳ බොක්කක් ඉන්නවා මම ඌට කියලා බලන්නම්.”

”හරි එහෙනම් අපි ඉක්මනටම මේක පටන් ගමු.”

රෙදි අන්දන්න නොව ගලවන්න සුන්දරියන් යොදාගත් පුදුම හිතෙන ව්‍යාපාරයක්

ඒ අනුව අමිල සහ මධුශංක එකට එකතු වී මුදලට තරුණියන් විකිණීමෙ ජාවාරමක් කරගෙන යෑමට සූදානම් වූහ. මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ මීගමුව ප‍්‍රදේශයයි. අමිල තමා දන්නා මිතුරකු හරහා ඒ සඳහා කැමති තරුණියන් කිහිපදෙනෙකු ද සොයා ගත්තේය. ඒ කාලය අතරතුර මධුශංක මීගමුව නගරයේ නවීන පන්නයේ නිවසක් ද කුලී පදනම මත ලබා ගැනීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණි.

අමිල සහ මධුසංඛ අලූත් ව්‍යාපාරයක් පටන් ගන්නවා යයි නිවැසියන්ට පවසමින් දැනට මාස කිහිපයකට ඉහතදී මීගමුවට පැමිණියහ. එලෙස පැමිණි ඔවුන් දෙදෙනා කලින් කතා කරගත් පරිදි මිතුරකු මාර්ගයෙන් මීගමුව නගරයේ සුවිසල් නිවසක් කුලී පදනම මත ලබා ගත්හ.

කුලී පදනම මත නිවස ලබාගත් පසු ඔවුන් සුන්දර තරුණියන් සිව් දෙනකුට පසුදිනම එම නිවස වෙත පැමිණෙන ලෙස දැන්වූහ. එම තරුණියන් මීට පෙර සම්බාහන මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිටිය අය වෙති. එම තරුණියන් ඔවුන් දෙදෙනා දැන හැඳින ගත්තේ තවත් මිතුරකු මාර්ගයෙන්ය.

පසු දින උදාවිය. එම තරුණියන් සිව් දෙනා නියමිත නිවසට පැමිණියහ. එලෙස පැමිණි පසු අමිල සහ මධුශංක ඔවුන්ව සාදරයෙන් පිළිගෙන මෙලෙස පැවසුහ.

”නංගි ඕගොල්ලෝ දන්නවනේ මෙතන කරන්න ඕනා රාජකාරිය. කිසි දේකට බය වෙන්න එපා අපි ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන සහතික වෙනවා. පොලිසියත් අපිට ප‍්‍රශ්නයක් නොවෙයි.”

”අපි ගෙන්න ගන්න කස්ටමර්ස්ලා වැදගත් අය. ඒක නිසා ඒ ගැනත් බය වෙන්න එපා. ඕගොල්ලන්ට තියෙන්නේ හොඳ සර්විස් එකක් දෙන්න විතරයි. තව එකක් එන අය එක්ක සම්බන්ධකම් තියාගන්න බැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙම කළොත් අපි නරක මිනිස්සු කියන්න එපා.”

”අනික තමයි ඕගොල්ලො කස්ටමර්ස්ලා එක්ක එළියට යන්න බැහැ. කරන හැම දෙයක්ම මෙහෙ තමයි. ඕගොල්ලො ලස්සන කෙල්ලො ටිකක්නේ අපි දෙගොල්ලන්ටම ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. එක නිසා අපි කියන විදිහට වැඩ කරන්න.”

”අපි අද රෙස්ට් කරලා හෙට ඉඳන් බිස්නස් එකට බහිමු. ඒක නිසා අද අපි කාලා බීලා සින්දුවක් කියලා හොඳ ෆන් එකක් ගමු. ඕගොල්ලොත් කැමති ඇතිනේ එකට.”

ඒ අනුව එදින රාත‍්‍රියේ එම සුන්දර යුවතියන් සමග අමිල සහ මධුසංඛ මත්පැන් පානය කර සින්දු කියමින් විනෝද වූහ. එතනින් නොනැවතුන ඔවුන් දෙදෙනා එම තරුණියන් සමග ලිංගිකවද හැසිරුණහ. බමන මතින් සිටි එම තරුණියන් ද කිසිදු අකැමැත්තක් නොදක්වා ඔවුන් දෙදෙනා සමග ලිංගිකව හැසිරුණහ.

පසු දින උදාවිය. අමිල සහ මධුසංඛ අන්තර්ජාලය හරහා එම තරුණියන් සිව් දෙනා මුදලට විකිණීමේ ජාවාරම පටන් ගත්හ. ඒ එම යුවතියන්ගේ අඩ නිරුවත් පිංතූර ද අන්තර්ජාලයට යොමු කරමින්ය. දින කිහිපයක් ගත විය. එම තරුණියන්ගේ පින්තූර දුටු විවිධ වයස් කාණ්ඩවල පිරිමින් මුදලට ඔවුන් සොයා එම ස්ථානයට පැමිණියහ.

එලෙස පැමිණි පිරිස අතර ව්‍යාපාරිකයින්, නීතිඥවරු, විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආදී සමාජයේ විවිධ තලවල පුද්ගලයෝ සිටියහ. ඒ අතරින් බහුතරයක් මැදි වයස පසු කරමින් සිටි අය වෙති.

මාස කීපයක් ගතවෙද්දී එම ජාවාරම ඔවුන් දෙදෙනා ජයටම කරගෙන ගියහ. තරුණියන් මුදලට විකුණා ඔවුන් විශාල මුදලක් උපයාගත්හ.

කලක් යද්දී දෙදෙනා මුදල්වලට දැඩි කෑදරකමක් දැක්වූහ. ඒ සමඟම ඔවුන් හොර මත්පැන් බෙදාහැරීමේ ජාවාරමක් ද පටන් ගත්හ. කලක් යද්දී එම ව්‍යාපාරය ද ජයටම කරගෙන ගියහ.

එලෙස මාස කිහිපයක් ගත වෙද්දී අන්තර්ජාලය හරහා තරුණියන් විකුණූ සහ හොර මත්පැන් ජාවාරමේ යෙදුණු මොවුන් දෙදෙනා පිළිබඳව තොරතුරක් පොලිසියට ලැබුණි. ඒ අනුව මීගමුව අපරාධ කොට්ඨාස අංශයේ නිලධාරීහු මේ පිළිබඳව සොයා බැලූහ. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ලද තොරතුරු සත්‍ය එකක් බවයි.

ඒ අනුව එම නිලධාරීහු සෝදිසි වරෙන්තුවක් ද ලබාගෙන එම නිවස වැටලූහ. එම වැටලීමේදී සැකකරුවන් දෙදෙනා සමඟ නීති විරෝධී මත්පැන් ලීටර් ලක්ෂ දෙකක් සහ අන්තර්ජාලය හරහා මුදල්වලට ගණිකා සේවයේ නිරත වූ තරුණියන් සිව්දෙනකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූහ.

අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා පැවසුවේ තම රෙදි ව්‍යාපාර බිඳ වැටීම නිසා මෙවැනි දෙයක් සිදු කළ බවයි. එය නිදහසට කරුණක් ලෙස කිසිසේත් ගත නොහැකිය. කොවිඞ් හමුවේ අසරණ වූ බොහෝ පිරිස් සිටිති. එහෙත් එම පිරිස් අතරින් බහුතරයක්ම ජීවත්වීම සඳහා මෙවැනි නීති විරෝධී වැඩ සිදු කළේ නැත. එම නිසා සමාජයේ අන් අයටත් ආදර්ශයක් වන ලෙස මෙවැනි නීති විරෝධී ජාවාරම්වල යෙදෙන පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය. එසේ නොවුණහොත් සමාජයේ අන් අයද මෙවැනි ජාවාරම්කරුවන් ආදර්ශයට ගෙන මෙවැනි නීති විරෝධී ක‍්‍රියාවල යෙදීමට පෙළඹේ.

හුදෙක් අප මෙවැනි ලිපි පළ කරනුයේ සමාජයේ අන් අයටද මෙමඟින් ආදර්ශයක් ලබා දීම සඳහාය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment