රේගුවට බොරු කියා සුඛෝපභෝගි වාහන ගෙන්වීම – වසර 25ක දත්ත අල්ලස් කොමිසමට දෙන්න

406

උසාවියෙන් රේගුවට නියෝග

රජයට රුපියල් කෝටි දහස් ගණනක බදු ආදායමක් අහිමි කළ සුඛෝපභෝගි වාහන හා වාහන කොටස් ගෙන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබෙන “ඇසිකුඩා” නමැති පරිගණක දත්ත පද්ධතියේ (Acycuda Data Backup) පිටපතක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07දා) ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

රේගු බදු නොගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට පසුව එහි දත්ත මකා දමා සුඛෝපභෝගි වාහන 178ක් වංචනික ලෙස භාවිත කිරීමට අදාළව සිදුකරන විමර්ශන සඳහා 1999 වසරේ සිට මේ දක්වා වසර 25ක කාලය තුළ ගෙන්වූ වාහන පිළිබඳ තොරතුරු අවශ්‍ය බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment