රේගුවේ තැපැල් හුවමාරුවේ මිලියන 26ක මත්පෙති – එවලා තියෙන්නේ ඇඳඇතිරිලි අස්සෙන්

209

ශ‍්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 26ක් පමණ වටිනා මත්පෙති  තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචි පුද්ගලයකු වෙත එවා තිබූ පාර්සලයක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත් පෙති තොගයක් රේගු නිලධාරීන්ගේ විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු* සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඇඳ ඇතිරිලි සහ සෙල්ලම් බඩු අඩංගු බඩු පාර්සලයක් බවට රේගුවට ප‍්‍රකාශ කර එවා තිබූ මෙහි මත්පෙති හාරදහසක් පමණ තිබූ බවත් සුදත්ත සිල්වා මහතා කියා සිටියේය. එම පාර්සලය ලබා ගැනීමට වැල්ලවත්තේ පදිංචි පුද්ගලයකු පැමිණ ඇති අතර එහිදී ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත් පෙති ආනයනය පිළිබඳ මූලික විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත් පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දීමට නියමිත බව ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන, ප‍්‍රියදර්ශන ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment