රේගුව අත්හිටුවූවේ හොරෙන් ගෙනා වාහන කොටස් වෙන්දේසියක්

202

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ලැම්බෝගිනි, ජගුවර්, මර්සිඞීස් බෙන්ස්, හමර් මෝටර් රථවල කොටස් වෙන්දේසි කිරීම අත්හිටුවා ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් ද සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (13දා) පැවැසීය.

ජගුවර්, ලැම්බෝගිනි ඇතුළු සුඛෝපභෝගී වාහන වෙන්දේසියක් රේගුව විසින් නතර කර ඇති බවට වාර්තා වුවත් රේගුව විසින් අත්හිටුවූයේ එවැනි වාහන වෙන්දේසියක් නොව එම වාහනවල කොටස් කන්ටේනර්වල අසුරා නීති විරෝධීව එවා තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගත් ඒවා බවද ඒ මහතා කියා සිටියේය.

මෙම කොටස්වලින් බහුතරයක් වසරක් තිස්සේ ටෙන්ඩර් කිරීමට උත්සාහ කළත් එයට ටෙන්ඩර්කරුවන් ඉදිරිපත්ව නැතැයිද ටෙන්ඩර් කිරීමට ඉදිරිපත් කර අත්හිටුවනු ලැබුවේ එම වාහනවල කොටස් බවද හෙතෙම පැවැසීය.

වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩ අතර අංග සම්පූර්ණ වාහනයක් නොමැති බවත්, රේගුවට ආදායම් ලබාගැනීම ස`දහා රාජසන්තක කරන විවිධ භාණ්ඩ වෙන්දේසි කිරීම සහ ඒවා අත්හිටුවීම රේගුව මගින් සිදුකරන සාමාන්‍ය කි‍්‍රයාවලියක් බවත් ඒ මහතා කීය. වසරකට දහසකට වඩා එවැනි වෙන්දේසි කිරීම් සිදුකරන බවත් ශ‍්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවියට ප‍්‍රවිශ්ඨ වීමෙන් එම තොරතුරු දැනගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා, ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment