රේගුව අල්ලාගත් කසළ තේ ඇසුරුම් ගිනි තබද්දී එප්පාවල ඇවිළෙයි!

1136

විදෙස් රටකින් ප්‍රතික්‌ෂේප කර ගිනිතබා විනාශ කිරීමට නිර්දේශකර තිබූ කසළ තේ තොගයක් රේගුවෙන් මුදාගෙන එප්පාවල ප‍්‍රදේශයේදී කාබනික පොහොර සඳහා කසළ තේ ඉවත් කර එහි ඇසුරුම් ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබුණි.

රේගුවේ තිබූ ගිනිතබා විනාශ කිරීමට නියමිත කසළ තේ කන්ටේනර් 40කින් 02 ක් ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් මැදිහත් වී මුදාගෙන එප්පාවල ඇඳගල ප‍්‍රදේශයේ රජයේ වී ගබඩාව වෙත රැගෙන විත් තිබුණි. අනතුරුව එම කසළ තේ පෙට්ටි හා පොලිතින් කවර ගලවා කසළ තේ ඉවත් කර එම පරිශ‍්‍රයේ පෙට්ටි සහ පෙලිතින් ගිනි තැබීමත් සමග අසල නිවෙස්වල දුම්රොටු යෑම නිසාත් ප‍්‍රදේශවාසීන් නොසන්සුන් වී එම ස්ථානයට පැමිණ විරෝධතා දැක්වූහ.

රේගුව අල්ලාගත් කසළ තේ ඇසුරුම් ගිනි තබද්දී එප්පාවල ඇවිළෙයි!

මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය දැනුවත් වීමෙන් පසු පොලිසිය ද එම ස්ථානයට පැමිණ කසළ තේ තොගය රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගෙන් විමසීමේදී කසළ තේ බැහලූම් 44 ක් එප්පාවල ඇතුළු ස්ථාන 08 ක් වෙත යොමු කිරීමට අවසර ලබාගෙන ඇති බව පොලිසියට ලිපියක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම රේගු නිලධාරීන් විසින් මෙම කසළ තේ නිදහස් කරන ලෙස ඉල්ලීම් කරන ලද්දේ ඉඩම් අමාත්‍යාංශයෙන් බවද රේගු නිලධාරීහු පොලිසියට ප‍්‍රකාශ කරන ලදී.

අනතුරුව එම ස්ථානයේ කසළ තේ ඇසුරුම් ඉවත් කළ කම්කරුවන්ද පැමිණ තමන්ට ගම්වාසීන්ගෙන් තර්ජන විය හැකි බව පවසමින් පොලිස් ආරක්‍ෂාව ලබාදිය යුතු යැයි ඉල්ලීමක්ද කර තිබේ.

චමින්ද සිල්වා – මැදවච්චිය ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment