රේල්පාරේ බස්රියක් එළවූ රියැදුරු රිමාන්ඩ්

4

මගීන්ගේ ජීවිතවලට අනතුරුදායක ලෙස අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී දුම්රිය පාරේ පෙරේදා (02දා) පුද්ගලික බස් රථයක් ධාවනය කළ රියැදුරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ මස 14දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර රියැදුරු ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පෙර වරදකට සැකකාර රියැදුරුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී මෙසේ බස් රථය ධාවනය කර ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම සැකකාර රියැදුරු මිනිමැරීමට තැත් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය හා රජයේ දේපළවලට හානි කිරීම ආදී චෝදනා මත අවිස්සාවේල්ල පොලිසිය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

අවිස්සාවේල්ල – සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment