නිරූපණයට – රංගනයට යොමුවෙන්න පෙරුම් පුරන අද තරුණ පරම්පරාව අතරේ ඔහු ගැන නොහිතපු වෙනස්ම චරිතයක්. ඒත් හිතේ තිබුන මෝටර් බයිසිකල් සිහිනය සැබෑ කරගන්න ඔහුට නිරූපණ ක්ෂේත්රයටත් එතනින් රංගන ක්ෂේත්රයටත් පය තියන්න සිද්ධ වෙන්නේ අහම්බෙනි. ඒ ආ ගමන්මගේ තමන්ගෙ සැබෑ ජීවිතේට වඩාත්ම සමීප මෝටර් බයිසිකල් රේස්කාරයකු ලෙස රේස් ටෙලිනාට්‍යයේ උවිඳුට පණදෙන හේෂාන් මනුලත් එක්ක අපි ටිකක් කතා කළා.
* කොහොමද හේෂාන් මේ යන රේස් එක
දැන් ගතවෙන තත්ත්වෙත් එක්ක ඕකට හරිම උත්තරේ තමයි රේස් එක දැන් තමයි හරියටම රේස් වෙලා තියෙන්නේ. මේ වෙද්දි කොටස් 24 යි විකාශය වුණේ. මේ අතරේ අපි 23 වෙනි කොටසෙ ඉඳලා යූ ටියුබ් ටේරන්ඩින්වලට ඇවිත් තියෙනවා. සාමාන්‍ය පිළිගැනීම ප්‍රසිද්ධම නාලිකාවල විකාශය වෙන ටෙලිනාට්‍ය විතරයි ටේරන්ඩින් එන්නේ කියලා. මේ වෙනකොට රේස් ඒ මතය බිඳලා තියෙනවා කියන්න සතුටුයි නාට්‍යය හොඳ තැනකට ඇවිත් ඉහළ ප්‍රතිචාර ලබනවා.
* සැබෑ ජීවිතේ තුළත් ඔබ රේස් යන චරිතයක් කිව්වොත්
සම්පූර්ණ අපහාසයක්. හේෂාන් මනුල කියන්නේ තවදාවත් තවත් කෙනෙක් පරයා යන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. සමහර නිර්මාණවලදී කියනවා අපි මෙන්න මෙයාව තමයි තෝරගෙන හිටියේ ඒත් දැන් තීරණය කළා ඔයාව ගන්න කියලා. මට එතෙනදී මිල මුදල් ගැන හිතලා දක්ෂ නළුවකුගෙ දක්ෂතාවයට ලැබෙන්න තියෙන ගාස්තුව නැත්නම් වටිනාකම අඩුකරන්න උදව් වෙන්නේ නැහැ. ඒ දේවල්වලින් අපි තුළ තියෙන මනුස්සකම් ඉබේම නැතිවෙලා මේ ක්ෂේත්රය පරිහානියට යන බව මම තරයේ විශ්වාස කරනවා.
* ඒ කාලෙ නිරූපණ ක්ෂේත්රයට ඇතුළත් වුණේ හිතේ තිබුණ නළු උණ නිසාද
නැහැ. මට චිත්‍ර අඳින්න පුළුවන් නිසා ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ ග්‍රැෆික් ඩිසයිනින් තමයි ෆලෝ කරේ. ඒ හරහා ප්‍රින්ටින් වගේ වෙනත් ඉසව්වලට යන්නත් පුළුවන්නෙ. කොහොමත් මම මේ ජීවිතය තුළ එකම දෙයක් තුළ ලොග් වෙන්න කැමති නැති කෙනෙක්. ඒ තුළ නිරූපණය රංගනය කියන දේවල් මගේ හිතේ නිකමටවත් තිබුන දේවල් නෙමෙයි.
* හැබැයි මෝටර් බයිසිකල් උන්මාදය
දරුණුවටම තිබුණා
අන්න හරි. ඒ ලෙඬේ හොඳකර ගන්න මට ලොකු වුමනාවක් තිබුණා. මම සහිින මැව්වේ මගේම සල්ලිවලින් මෝටර් සයිකලයක් ගන්න. අන්න එතෙනදී මම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙනවා. කොහොම හරි ඉතින් මම මෝටර් සයිකලයක් අරගෙන මගේ සිහිනය සැබෑ කරගත්තා.
* පළමු රංගන අවස්ථාව ගැන කතා කළොත්
ප්‍රවීන අධක්ෂවරයකු වන නාලන් මෙන්ඩිස් මහත්මයගෙ වාසනා වේවා ටෙලි නාට්‍යයේ තිබුන ප්‍රධාන චරිත තුනෙන් එකක් තමයි මට ලැබුණේ. ආයෙ කතා දෙකක් නෑ මම වගේ පුංචි කොල්ලෙකුට ලැබුණ ලොකුම ලොකු අවස්ථාවක් තමයි ඒක.
* ඒත් එක්කම සිනමාවට පය තියන්නට තරම් හේෂාන් වාසනා වන්තයෙක් වෙනවා
ඔව් රන් කෙවිට 2 චිත්‍රපටයේ මම මැර පාසල් සිසුවකුගේ චරිතයක් කළා. දළදා ගමනය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ දන්ත කුමරුගේ චරිතයට ළමයෙක් හොයද්දි උදයකාන්ත වර්ණකුලසූරිය මහත්මය, සෝමා එදිරිසිංහ මහත්මියට කියලා තිබුණා මං ගැන. ඒ විදියට තමයි මම සිනමාවේ කැපිලා පේන චරිතයක් වුණේ. එතනින් පස්සේ සුනිල් ආරියරත්නයන්ගෙ යශෝධරා චිත්‍රපටයේ නන්දන මාරසිංහ චරිතයට පන පොවන්නට අවස්ථාව උදාවුණා.
* ෙඓතිහාසික කතන්දරවල රාජකුමාරය විදියට ඉදිරියට යන්න තිබුණ ගමනට ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.
මම හිතන්නෙ රංගනයේ යෙදෙන මොඞ්ල් කෙනෙක් හැටියට ඒ කොටුවීම මට ලොකු අවාසියක් වෙන දෙයක්. අපේ රටේ එන්ටර්ටේන්ට්මන් ඉන්වෙස්ට් එකේ බොහෝ විට සිදුවන දෙයක් තමයි යම් චරිතයකට සාධාරණය ඉටු කළාම ඒ විදියේ චරිතවලටම කොටු කිරීම. ඒත් මම අවස්ථාව හිමිකර ගත්තා පූජනීය චරිතත් කරලා මොඞ්න් වර්ල්ඞ් එකේ තියෙන චරිතවලටත් පණ පොවන්න.
* රේස් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවෙන්න කොහොමද?
මගේ සාමාන්‍ය ජීවිතේ ගත්තොත් ඒකෙන් වැඩිහරියක් ගත වෙන්නේ මෝටර් බයික්, කාර්, එහෙම නැතිනම් රේස් නැත්නම්, ට්‍රැවලින් තැම්පික් වගේ දේවල් එක්කයි. ඔය තත්ත්වය මම ළ`ගින් ඇසුරු කරන හැමෝම දන්නව. සෙහාලි ෆොන්සේකා කියන්නෙ මගේ ළ`ගම යෙහෙළියක්. රේස් නාට්‍යයේ මේ චරිතයට කෙනෙක් හොයනව කිව්වම මා ගැන දන්න නිසා ඇය තමයි කියලා තියෙන්නේ ඔය වැඬේට හේෂාන් හොඳටම ගැළපෙනවා කියලා.
* ඒත් ඔබට ලැබෙන්නෙ බලාපොරොත්තු වුණ චරිතය නෙමෙයි
ඔව් මාව තෝරගෙන තිබුනේ රාධිකගෙ චරිතෙට. නිරූපණ ශිල්පියෙක් විදියට යම් යම් ආයතන සමග මගේ ඇග්රිමන්ට් තියෙනවා. විලන් කෙනෙක් විදියට රාධිකගෙ චරිතෙට සාධාරණය ඉටු කළාට මොඞ්ල් කෙනෙක් විදියට මාව ප්‍රමෝට් කරන්න අමාරු බව තමයි ඒ ආයතනවලින් කිව්වේ. ඒ නිසා මම එතනින් නතර වුණා. ඒක් නාට්‍යයේ අධ්යක්ෂ ධනුෂ්ක රේමන්ඞ් සහ නිෂ්පාදක ගීතාංජන ඞී කොස්තා කියන මහත්වරු දෙන්න බොහොම කාරුණික විදියට හිතල බලල උවිඳුගෙ චරිතයට මාව තෝරගෙන පහුවදාම කතා කරලා ඇහුවා කොණ්ඩෙ කපන්න පුළුවන් ද කියලා. ඒක මට විශාල පාඩුවක් වුණත් මගේ පැත්තෙනුත් පුංචි කැපවීමක් කියලා මම රේස් හි උවිඳු වුණා.
නිර්මාණය තුළ සම්පූර්ණයෙන් ගැවසෙන්න තියෙන්නෙ තරුණ පිරිසක් එක්ක ඒ ගැන මොකද හිතෙන්නේ
ඔව්නෙ. මේක තරුණ සේවා සභාවක් වගේ. අධ්යක්ෂ, නිෂ්පාදකගෙ ඉඳලා නාට්‍යයට රංගනයෙන් දායක වෙන බොහෝ දෙනෙක් තරුණ අය. ඇත්තටම ඒක අපි හැමෝගෙම වැඩවලට ලොකු පහසුවක් වෙලා තියෙනවා. මට වැඩි වශයෙන් මුහුවෙන්න තියෙන්නෙ මුස්ලිම් තරුණියක් විදියට රංගනයේ යෙදෙන උමාලි තිලකරත්නත් එක්ක. ඇය දෙන සපෝර්ට් එකත් කියලා නිම කරන්න බෑ.
ර`ගපෑමට වුනත් නිළියත් එක්ක ළ`ගින් ගැවසෙමින් ඇසුරු කරන කොට පෙම්වතියගෙන් හේෂාන්ට තහංචි වැටෙනවාත් ඇති නේද?
තහංචි වැටෙන්න ඉතින් මට පෙම්වතියක් ඉන්න එපැයි. ඇත්තටම මේ මොහොත දක්වා මම ඒ අතින් හරිම නිදහස් රංගන ශිල්පියෙක්. ඒත් අපි හැමදාම එකම විදියට ඉන්නේ නැති නිසා සමහර විට ඔය කියන තත්ත්වය ඇතිවෙන්න බැරි කමකුත් නෑ.
ඔබ ර`ගපාන නිසාම රේස් නරඹන්න වෙනම පිරිසක් ඇතිවෙලා නේද?
ඔව් එහෙම තත්ත්වයක් දැන් ඇතිවෙලා තියෙනවා. මොකද අපේ රටේ මෝටර් සයිකල් රේස් පදින ලොකුු පිරිසක් ඉන්නවා. මමත් ඒ හිලව්වල ඉන්නවා. ඉතින් රේස්වලට සම්බන්ධ බොහෝ අත්දැකීම් මේ හරහා විනාශය වන නිසා මගේ යහළු යෙහෙළියො වෙන නාට්‍ය නොබැලූවත් රේස් බලන්න යොමුවෙනවා. ඒ හැරෙන්න මොඞ්ල් කෙනෙක් විදියට ට්‍රැවල් කරන කෙනෙක් විදියට මා එක්ක ඉන්න ලොකු පිරිසක් මම ර`ගපාන මේ නාට්‍යය නරඹනවා.
මේ නිර්මාණයෙන් පස්සේ හේෂාන් කවුරු විදියටද පේ්රක්ෂකයන් ඉදිරියට එන්න හිතාගෙන ඉන්නේ
දැනට රොමැන්ටික් ස්ටෝරි එකක ආදරබර චරිතයක් විදියට රසිකයො අතරට එන්න සැලසුම් කරලයි තියෙන්නේ. නුදුරේදීම මම ආදරවන්තයෙක් විදියට එනවා.
ධම්මික හේවාවසම්
|