රේසිං පාපැදි ජය බස්නාහිරට

1

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව නෙස්ලේ ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් මහියංගණය මහජන ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ 48 වැනි ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ රේසිං තරගයේ පිරිමි අංශයේ ජයග්‍රහණය බස්නාහිර පළාතේ චමෝද් ද සිල්වා ට හිමි විය.

කාන්තා රේසිං තරගයේ ජය බස්නාහිර පළාතේ ආකාෂා සඳමිණි දිනා ගැනීමට සමත් වූවාය.

රටපුරා සියලු පළාත් නියෝජනය කරමින් ඉකුත්දා පැවති මේ රේසිං පාපැදි තරග දෙකට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 150ක් පමණ එක්ව සිටි අතර රේසිං කාන්තා හා පිරිමි කණ්ඩායම් ශූරතා බස්නාහිර හා අනුශූරතා වයඹ පළාත් දිනා ගැනීමට සමත් විය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ පහත දැක්වෙති.

පිරිමි රේසිං පාපැදි ජය : 1. චමෝද් ද සිල්වා පැය 2:43.00 (බස්නාහිර), 2. එස්.ඒ.එස්. ඩීමන්ත පැය 2:43.00 (බස්නාහිර), 3. එච්.එම්.එස්. පින්තු පැය 2:43.00 (වයඹ), 4. ගීත් සිල්වා පැය 2:43.00 (බස්නාහිර), 5. එල්.එම්. ප්‍රනාන්දු පැය 2:43.00 (වයඹ), 6. ඩී.පී.එස්. වීරසිංහ පැය 2:43.00 (උතුරු මැද), 7. ඩී.බී. වර්ණකුලසූරිය පැය 2:43.12 (වයඹ), 8. ජී.ජේ.එච්. කුමාර පැය 2:44.59 (බස්නාහිර), 9. ඩී.එස්. නිශ්ශංක පැය 2:44.59 (බස්නාහිර), 10. ජී.එම්.එස්. සිල්වා පැය 2:44.59 (බස්නාහිර).

කාන්තා රේසිං පාපැදි ජය : 1. ආකාශා සඳමිණී පැය 2:27.36 (බස්නාහිර), 2. දිනේෂා දිල්රුක්ෂි පැය 2:27.36 (වයඹ), 3. උදේශිනී එන්. කුමාරසිංහ පැය 2:27.36 (උතුරු මැද), 4. කේ.ඒ.ඩී.එස් . කරුණාරත්න පැය 2:27.42 (බස්නාහිර), 5. එන්.එස්.පී. සුලෝචනා පැය 2:30.11 (බස්නාහිර), 6. එස්.එන්. පෙරේරා පැය 2:30.11 (බස්නාහිර), 7. ඒ.එන්. මධුරංගි පැය 2:30.11 (බස්නාහිර), 8. බී.ඒ.එස්. ප්‍රියදර්ශනී පැය 2:30.11 (වයඹ), 9. ඒ.ඒ. මධුෂානී පැය 2:30.11 (වයඹ), 10. නිමේෂා දිල්රුක්ෂි පැය 2:30.11 (වයඹ).

advertistmentadvertistment
advertistmentadvertistment