රොටරි සමාගමේ සභාපතිගෙන් මිලියන 47ක ඖෂධ

91

ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති ජෙනිෆර් ජෝන්ස් සේවා සැපයීමට කෙරෙන උපකාරයක් වශයෙන්, ලයිෆ්ලයින් ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 47ක ඖෂධ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලබාදෙන ලදී.

රොටරි සමාජයේ ගෝලීය ජාලය සහ ආදි සාමාජිකයන් විසින් මාර්ගගත පරිත්‍යාග ක්‍රමය හරහා එකතු කරන ලද රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා දී ඇත.

ර්‍ණශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අපගේ පළමු ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා” යැයි සභාපති ජෙනීෆර් ජෝන්ස් මහත්මිය පැවසූවාය.

මෙම ඖෂධ තොගය කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය සඳහා, වේදනා සමනය කිරීම සඳහා සහ අධික රුධිර පීඩනය ඇතු`ඵ විවිධ ප්‍රතිකාර සඳහා ලබා දී ඇත.

මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති කේ.ආර්. රවීන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකා රොටරි සමාජයේ සභාපති පුබුදු ද සොයිසා යන මහත්වරුන් ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment