රොනාල්ඩෝගෙන් වාර්තා පිට වාර්තා

316


2020 පාපන්දු යුරෝ තරගාවලිය ලෝකයේ බොහෝ දෙනාගේ
රසික ආදරයට පාත‍්‍ර වෙමින් ගමන් කරමින් පවතිනවා. පසුගිය
12 වැනිදා ආරම්භ වූ එම තරගාවලිය ලබන මස 11 වැනිදා නිමා
වීමට නියමිතව තිබෙනවා.


කාණ්ඩ 6 ක් යටතේ කණ්ඩායම් 4 බැගින් ආරම්භ වූ
තරගාවලියේ පිළිමලූන් පිටුදැකීමේ තරගාවලිය මේ මස 26
වැනිදා ආරම්භ වෙනවා. ඒ අනුව මේ වනවිට කණ්ඩායම් 24
ක් අතර පැවැත්වෙන තරගාවලිය ඉතා තියුණුව ගලාගෙන
යන්නේ දෙවැනි අදියරයට කෙසේ හෝ සුදුසුකම්
ලැබීමේ අටියෙන් කී‍්‍රඩකයන් පෙන්වන දස්කම් නිසා.


මේ දස්කම් අතරට සුවිශේෂී දස්කමක්
පෘතුගාලයේ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ
අතින් පසුගියදා වාර්තා වුණා. ඒ ගෝල
වාර්තාවක්. එසේ මෙසේ ගෝල වාර්තාවක්
නොවේ. යුරෝ තරගාවලි ඉතිහාසයේ
වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාව. ඔහු
මේ වනවිට තරගාවලියේදී ගෝල 11 ක්
වාර්තා කර තිබෙනවා. මීට පෙර එම දස්කම තිබුණේ ප‍්‍රංශයේ මිචෙල්
ෆ‍්‍රැන්කොයිස් අතේ. ඔහු ගෝල 9 ක් වාර්තා කර තිබුණා. පසුගියදා
හංගේරියාව සමග පැවති තරගයේදී කි‍්‍රස්ටියානෝ මෙම වාර්තාව අභිබවා
යෑම සඳහා ගෝල 2 ක් වාර්තා කරා.


ඒ වගේම පෘතුගාලය වෙනුවෙන් වැඩිම ගෝල
සංඛ්‍යාවක් වාර්තා කළ කී‍්‍රඩකයා වන්නේද රොනාල්ඩෝ. ඔහු
මේ වනවිට ගෝල 106 ක් වාර්තා කර තිබෙනවා. යුරෝ කුසලාන පාපන්දු තරගාවලි 5 ක් කී‍්‍රඩා කළ එකම
කී‍්‍රඩකයා වන්නේද රොනාල්ඩෝයි. එසේම සියලූ යූරෝ තරගවලදී ගෝල වාර්තා කළ එකම කී‍්‍රඩකයා වන්නේත්
රොනාල්ඩෝයි.

advertistmentadvertistment
advertistmentadvertistment