රොෂෙල් සිනමාවට

402

මගේ මුහුණ මිනිසුන්ට අදටත් මතකයි

මෙරට සිනමාවේ බිහි වූ ප‍්‍රමුඛ සිනමාකරුවෙකු වන ටී. අර්ජුන්ගේ පුත් අර්ජුන් උපේන්ද්‍ර විසින් මුල්වරට අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘‘යාගය’’ ද්විභාෂා සිනමා නිර්මාණය හරහා සිනමාවට තවත් නවක නිළියක් හඳුන්වා දී තිබේ. ඇය කලක් මෙරට නිරූපණ ක්‍ෂේත‍්‍රයේ කතා බහට ලක් වුණ චරිතයකි. නමින් රොෂෙල් ප්ලංකට් වූ ඇය නිහැඬියාව බිඳිමින් සිනමාවට අවතීර්ණ වූ හේතුව මෙලෙස පැවසූවාය.


 * රොෂෙල් ඇත්තටම මේ දිනවල මොනවද කරන්නේ?

 ඇත්තටම මේ වසංගත කාලයේ මිනිස්සු පාරට සත්තු ගෙනත් දානවා. ඔවුන්ට කන්න බොන්න නෑ. ඒක හින්දාම මම පසුගිය කාලයේ පාරේ තැන තැන දාලගිය බල්ලෝ පූසෝ ගෙදර ගෙනැල්ලා කන්න බොන්න දීල හදාගත්තා. ඇත්තම කිව්වොත් මට පූසෝ 52 ක් ඉන්නවා. බල්ලොත් ගොඩක් ඉන්නවා. අම්මා තාත්තා දෙන්නම නැති වුණ හින්දා මගේ මානසිකත්වය හදාගන්න ඕනෑ හින්දා මම සත්තු ඇති කළා.

 * දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?

 නැහැ නැහැ හැමදේම කාලයත් එක්ක වෙනස් වෙන්න එපායැ. ක්‍ෂේත‍්‍රයට එන නවකයන්ට අවස්ථාව දීලා අපි වෙනත් දේවල් තෝරාගන්න ඕනෑ. මම නිරූපණයට ආදරෙයි. අනික මම මෙතැන ඉන්නේ නිරූපණය හින්දා

 * අද කාලේ නිරූපණයට තිබෙන පිළිගැනීම

 අඩුයි නේද?

 වර්තමානයේ වෙනකොට මිනිස්සු මේ ක්‍ෂේත‍්‍රය ගැන පහත් විදිහට තමයි කතා කරන්නේ. අද වෙනකොට මේ ක්‍ෂේත‍්‍රයට ඇති වී තිබෙන තත්ත්වය ගැන හරි දුකයි. නිරූපණය කියන නමට අගෞරව කරනවාට මම කැමැති නැහැ.

රොෂෙල් සිනමාවට



 * නිරූපණ පාසලක් ආරම්භ කරන්න අදහසක් නැතිද?

 නිරූපණ පාසලක් ආරම්භ කරන්න අදහසක් නෑ. අනික නිරූපණ පාසලක් ආරම්භ කරනවා නම් මම නොමිලයේ තමයි කරන්නේ. තව දෙයක් තියෙනවා නිරූපණය කරන්න එන කෙනෙකුට එහෙම නිරූපණය කරන්න බැරි නම් එයාගේ මූණටම ඔයාට නිරූපණය ගැළපෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක මම කියන්නේ තරහකට නෙමෙයි.

 * රොෂෙල් කියන්නේ කෙළින් කතා කරන චරිතයක්. එහෙමද?

 ඔව්. මම කොහොමත් කෙළින් කතා කරන චරිතයක්. මගේ ළ`ග බොරු නෑ. අනික් කාරණය තමයි ලස්සන වුණ පළියට හැමෝටම ?ම්ප් මොඞ්ලින් කරන්න බෑ. තමන්ට ගැළපෙන නිරූපණ අංශය මොකක්ද කිව්වහම මෙතැනට ඒ දේ කරන්න එන අයත් ඒක පිළිගන්න ඕනෑ.

 * ක්‍ෂේත‍්‍රයට නවකයෝ එනවට අකමැතිද?

 අයියෝ නෑ. මම ආසයි නිරූපණ ක්‍ෂේත‍්‍රයට හොඳ නවකයෝ ටිකක් එනවාට. මම නිරූපණ හදාරන අයට ගිහිල්ලා කොරියෝග‍්‍රැෆි කරලා දෙනවා. මම ආසයි කොරියෝග‍්‍රැෆිවලට. මම මිස් ශ‍්‍රී ලංකා මිස් අර්න් තරගවල කොරියෝග‍්‍රැෆි කරලා තියනවා. විනිසුරිවරියක් විදිහටත් කටයුතු කරලා තියෙනවා.

 * නිරූපණයේ එදා සහ අද අතර වෙනස දැනෙන්්නේ කොහොමද?

 මම නිරූපණයට එද්දී අවුරුදු 14 යි. එදා සහ අද අතර ලොකු වෙනසක් දකින්නේ නැහැ. ඒ කාලේ මම හැම පත්තරයක වගේම මුල් පිටුවේ හිටියා. අනික නිතර නිතර නම කියැවුණා. හැබැයි අද එහෙම මාව දකින්නේ නැහැ. නමුත් මාව මිනිස්සු දැක්කහම කතා බහ කරනවා. මාව දන්නවා මගේ මුහුණ අදටත් මිනිස්සුන්ට මතකයි.

 * මේ ළ`ගදී සිනමා නිර්මාණයක් භාරගත්තා නේද?

 ඒ කාලේ ඉඳලා මට චිත‍්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් මම ඒවාට කැමැති වුණේ නැහැ. මොකද මම පෙම් ජවනිකා ර`ගපාන්න බයයි. කැමැති නෑ. මට ඒ කාලේ ආරාධනා ලැබුණාමත් හැමෝගෙන්ම අහන්නේ මම ර`ගපාන චරිතය ගැනයි. අනික මම විහිළු කතා චරිත වලට කැමැති නෑ.

 * මෙදා පාර ලැබුණ චරිතයට කැමැතිද?

 ඔව්. මම මේක බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක්. මම නිරූපණයට තමයි ආදරේ. මම හීනෙකින්වත් ර`ගපාන්න හිටපු චරිතයක් නෙමෙයි. මීට කලිනුත් මට ලාල් වීරසිංහ අයියා චිත‍්‍රපටයකට කතා කළා. ඒකෙත් ආදර සීන් තිබුණ හින්දා මට ලැජ්ජා හිතුණා.

 * යාගය චිත‍්‍රපටයට කවුද ආරාධනා කළේ?

 මෙවරත් ලාල් වීරසිංහ අයියා තමයි කතා කළේ. එයා තමයි කිව්වේ අලූත් වැඩක් කරනවා ගිහින් අධ්‍යක්‍ෂ අර්ජුන්ව හමුවෙන්න කියලා.

 * අධ්‍යක්‍ෂ අර්ජුන්ව හමුවුණහම මොකද කිව්වේ

 අධ්‍යක්‍ෂ අර්ජුන් මගේ අතට පිටපත දුන්නා කියවන්න කියලා. පිටපත අතට ලැබුණු ගමන් මම ඒ චරිතයට ආසා කළා. ඒ නිසාමයි මම මේ චරිතය භාරගත්තේ. අනික මේ සිනමා නිර්මාණයෙන් සමාජයට ලොකු පණිවුඩයක් ලබා දෙනවා. මම කොහොමත් වැඩක් භාරගන්නේ නැහැ ටිකක් හරි අවිශ්වාසනම්. මට මේ වැඬේ ගැන වගේම අධ්‍යක්‍ෂකවරයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.

 * මේ ලැබුණු ආරාධනාව ගැන මොකද හිතන්නේ

 මම හිතන්නේ හැමෝටම හරි දේ ලැබෙන්න වෙලාව එන්න එපායැ. මොකද මම හීනෙකින්වත් නොහිතපු වෙලාවක තමයි මේ ආරාධනාව ලැබෙන්නේ. මොකද මම දන්නේ නෑ මොන හේතුවකට මේ වැඬේට කැමැති වුණාද කියලා. ර`ගපෑමට එන්න ජීවිතේට අදහසක් තිබුණේ නැහැ. මම මේ භාරගත්තු චරිතය හරියට කරන්න ඕනෑ කියලයි හිතන්නේ.

 * මේ චරිතය ඔබට අභියෝගයක් නෙමෙයිද?

 මම මේ චරිතයට ආසයි. මම මේ අභියෝගය ජයගන්න තමයි සූදානම් වෙන්නේ. මම මේ දිනවල චිත‍්‍රපටය හින්දම ඇ`ග හදාගන්නත් මහන්සි වෙනවා.

 * දැන් දිගටම ර`ගපාන්නද සූදානම

 මට මේ වගේ චරිත ලැබුණොත් දිගටම ර`ගපානවා. මේ චරිතය වෙනස්ම චරිතයක්. චරිතයේ විස්තර දැන්ම කියන්න බැහැ. ඒ ගැන චිත‍්‍රපටය රිලීස් වුණහම වැඩිදුරටත් කතා බහ කරමු.



  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment