රොහාගේ මස්සිනා කපා ඝාතනය කරයි

389

පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල අපරාධකරුවකු වූ රත්මලාන රොහාගේ මස්සිනා රත්මලාන රස්ටම් වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියි සිටී.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සිල්වා නැමැති හතළිස් තුන් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පිහි ඇනුමට ලක් වී ඇතැයි පොලිසිය කියයි.

බරපතළ තුවාල ලබා වැටී සිටි පුද්ගලයා පැය බාගෙකට පමණ පසු කළුබෝවිල රෝහලට රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතනය සිදු කළ පුද්ගලයාද තීරෝද රථ රියදුරකු වන අතර හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාගේ රියදුරෙක් ලෙස කලක් කටයුතු කළ අයෙක් බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ පුත්‍ර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment