රෝගියා රෝහලට යවා ගිලන් රථ රියැදුරු හෘදයාබාධයෙන් මහ මගදී මියයයි

576

HTML clipboard

 දිනසේන රතුගමගේ

 වවුනියාවේ සිට යාපනය ශික්ෂණ රෝහල වෙත 07 දා රෝගියෙකු ප‍්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක රියැදුරු හදිසියේම හෘදයාබාධයකට ලක්ව මිය යාමෙන් පසුව වෙනත් ගිලන් රථ රියැදුරෙකු යොදවා රෝගියා රෝහල් ගත කොට ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබේ.

 ගිලන් රථ රියැදුරා සංගුපිටිය පාලම ආසන්නයේදී හෘදයාබාධයකට ලක් වීමෙන් පසුව ඔහු ඉතා අපහසුවෙන් ගිලන් රථය නතර කොට මහමග ගමන් කළ අයෙකුට සිද්ධිය පවසා විනාඩි කීපයකින් ගිලන් රථය තුළම
 මියගොස් තිබේ.

 මහමග ගමන් කළ පුද්ගලයා අදාළ අංශ දැනුවත් කිරීමෙන් පසුව වෙනත් රෝහලකින් ගිලන් රථ රියැදුරෙකු කැඳවා රෝගියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඔහුගේ දිවි ගලවා ගැනීමට හැකි වී තිබේ. මියගිය ගිලන් රථ රියැදුරාගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සදහා පුනරීන් රෝහලට වෙත බාර දී තිබේ. මෙසේ මියගොස් ඇති ගිලන් රථ රියැදුරා වවුනියාව වීරපුරම් ප‍්‍රදේශයේ පදිංචි අන්තෝනිපිල්ලේ ඇන්ටනි ජෙයරාජා නැමති අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment