රෝගීන් සිරකාරයන් වෙනුවෙන් වසර 49 ක් බයිසිකලේ ගිය පියතුමෙක්

214

කාන්තාවන් පදින ලේඞීස් බයිසිකලයක පිටුපස හද්ද පරණ සූට්කේසයක් බැ`දගෙන බොරැල්ල කාසල් රෝහල, රිජ්වේ ළමා රෝහල, එහෙමත් නැතිනම් වැලිකඩ බන්ධනාගාරය දෙසට ඇදීයන මෙම මැදිවියේ පියතුමා සමහර විට ඔබටත් හමුවී ඇත. හොස්පිටල් චැප්ලන් ස්වාමි’ හැටියට කවුරුත් හැඳින්වූ මෙම පියතුමා බොරැල්ල අගරදගුරු නිවසේ රැඳෙමින් (1946-1995) දක්වා වසර 49 ක් මෙම ධර්ම දානයෙහි නියැලූනේය. නමින් ඔහු කෙලාඞ් ලෝරන්ස් (නි.ම.නි.) පියතුමායි.

මෙතුමා පිළිබඳ වගතුග සොයායද්දී ඉතා රසවත් කරුණු කාරණා කීපයක්ම සොයාගැනීමට අපට හැකිවිය.
 ලෝරන්ස් පියතුමාගේ නිජබිම දකුණු අපි‍්‍රකාවේ ඩර්බන් නගරයයි. පියා ඉන්දියානු ජාතිකයෙකි. මව දකුණු අපි‍්‍රකාවේය.

කතෝලික පූජාප‍්‍රසාදි තුමකුවීම තම ජීවිතයේ එකම අරමුණ කොට ගත් තරුණ ලෝරන්ස් සිසුවා 1927 වසරේ බම්බලපිටිය නිමලමරිය නිකායික දෙව්සත්හලට සම්බන්ධ විය. දිනක් බම්බලපිටිය දෙව්සත්හලට ඉන්දියානු රාජකීය අමුත්තකු පැමිණයේය. ඔහු පෙරටුව නිල රථ වාහන පෙළකි. උන්හිටි ගමන් දෙව්සත්හලට කඩා වැදුණු මෙම රාජකීය අමුත්තා පැමිණ සිටියේ කෙලාඩා ලෝරන්ස් පූජාක සිසුවා හමුවීම සඳහාය. මේ අමුත්තාත් සිසුවාත් අතර සම්බන්ධය විදුහල්පතිතුමාටද ප‍්‍රහේලිකාවකි. අන්ධමන්දව සිටි දෙව්සත්හල් ඇදුරෝ ලෝරන්ස් සිසුවා අමුත්තා ඉදිරියට කැඳවූහ. ලෝරන්ස්ට තමා අමුත්තා අමුත්තකු නොවීය. ඒ පැමිණ සිටියේ මහත්මා ගාන්ධි තුමාය. ගාන්ධිතුමා ඉන්දියාවේ නිදහස් සටන් ව්‍යාපාරය මෙහෙවද්දී එතුමාගේ පෞද්ගලික ලේකම් තනතුර හෙබවූ තැනැත්තා ලෝරන්ස්ගේ පියා බවත් ඒ දෙදෙනා ගජමිතුරන් බවත් පසුව හෙළිවිය.

කෙලාඞ් ලෝරන්ස් පූජක සිසුවට 1934 ජනවාරි 25 වන දින කොටහේන ශා. ලූසියා ආසන දෙව් මැ`දුරේදී පූජක වරම් දානය කෙරුණි. පළමු පත්වීම මීගමු මහා වීදියටයි. අද රට පුරා පරසිඳු මීගමු ‘කුරුස පල්ලියේ’ නිර්මාතෘවරයා මෙතුමායි. (1937-39) වසර දෙකක කාලයක් බොරැුල්ලේ ශා.බර්නාඞ් දෙව්සත්හලෙහි ආචාර්යවරයකු හැටියට සේවය කළ ලෝරන්ස් පියනම දෙවන මහා ලෝක යුද සංග‍්‍රාමයේදී යුද හමුදා පූජක චැප්ලන් වශයෙන් මැලේසියාවේ සේවයට යවන ලදී. 1941-46 දක්වා වසර 5 ක කාලයක් කොළඹ ශා.ජෝසප් විiාලයේ ගුරු මණ්ඩලයේ නිරතවූ මෙම පූජක උතුමා ඉතිහාසඥයෙකි. ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ඉතාලි, ග‍්‍රීක් සහ ස්පාඤ්ඤ භාෂා කතාකිරීමේ හා ලිවීමේ හැකියාව ලත් වියත් ලේඛකයෙකි. එහෙත් මෙම පියනම සිතින් දිළිඳු විය. තාන්න මාන්න වලට කැමැතිවූයේ නැත. නගරයේ මුඩුක්කු ජීවිත ගෙවන අසරණවූවන් වෙතට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලූයේය. රෝහල්වල රෝගීන් සහ සිරමැදිරිවල හුදකලා වූවන් බැහැදැකීම එතුමා වඩාත් පි‍්‍රය කළේය. සාමාන්‍ය මීසම් සේවාවෙන් බැහැරවී මෙම සිල්වත් පියනම පුරා වසර 49 ක් ඒ පීඩිතයන් සමඟ සිටියේ ඒ නිසාය.

මොරිස් බොල්ලෑගල

advertistmentadvertistment
advertistmentadvertistment