රෝගී දරුවන් බිහිකරන්නට  බලපාන පෝලිම් ක්‍රමය

192

මෙලෙස ඇතිවන පීඩනය නිසා සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයද අසමතුලිත වේ. එනිසා ඔවුනට නොදැනීම කලහකාරී සිතුවිලි ඇතිවේ. නිතර කෝපය හටගනී. නොසන්සුන්කාරී බවකින් පසුවේ. නින්ද නොයයි. ආහාර රුචිය අඩුවේ. ලිංගික ආශාවන් හීනවේ.

 අප රට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා මේ වනවිට රට පවතින්නේ හිඟන රටක් ලෙසය.

 එනිසා අප යළි වසර 30ක් පමණ ආපස්සට ගමන් කරන්නට පටන්ගෙන ඇත. අප 21 වැනි සියවසේ ජීවත් වුවත් නැවතත් අපට 19 වැනි සියවසට පිය  නගන්නට සිදුව තිබේ.

 වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් ජීවත් වන්නේ ඉතා සරල පහසු වේගවත් තාක්ෂණය සහිත ජීවන රටාවකටය. මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. එනිසා කිසිවකු හුදකලාවී නැත. සුළු මොහොතකින් ලොව පුරා සැරිසරන තොරතුරු ලබාගන්නට තරම් තාක්ෂණය දියුණුවී ඇත.

 එවන් පසුබිමක අපට යළි වසර සිය ගණනක අතීතයේ සිටියවුන් ගතකළ ජිවිතයට සමාන දිවියක් ගත කිරීමට හුරුවන්නට වුවහොත් ඒ සඳහා වෙනස්වීමට එකවර නොහැකිය. එවිට මානසිකව බිඳවැටීම් සිදුවේ. එම බිඳවැටීම් නිසා දරුවන් අතර අපේක්ෂාවන් භංගත්වයක් හට ගනිති. ඔවුන් ලෝකය සමග කරට කර නැගී සිටීමට බියක් දක්වයි.

 තම රට ගැන, දෙමාපියන් ගැන, සමාජය ගැන කලකිරීමකට පත්වේ. මෙම කලකිරීම නිසා ඇතැම් පිරිස් තම අනාගතය ගැන අවිනිශ්චිත බවක් ඇතිකර ගනී.

 මේ වනවිට බොහෝ තරුණ තරුණියන් අතර නොසන්සුන් බව, ආවේගශීලී බව සහ ප්‍රචණ්ඩබව මතුවී ඇත්තේ මෙම අපේක්ෂා භංගත්වය නිසාය.

 ඔවුන් තම ජීවිතයේ ඉදිරියට යෑම සඳහා ඇතිකරගත් බලාපොරොත්තු සහ අරමුණු ඉටුකර ගැනීමට නොහැකිව පසුවේ.

 මෙලෙස ඇතිවන පීඩනය නිසා සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයද අසමතුලිත වේ. එනිසා ඔවුනට නොදැනීම කලහකාරී සිතුවිලි ඇතිවේ. නිතර කෝපය හටගනී. නොසන්සුන් කාරී බවකින් පසුවේ. නින්ද නොයයි. ආහාර රුචිය අඩුවේ. ලිංගික ආශාවන් හීනවේ.

 මෙය ඉතා බරපතළ තත්ත්වයකි. මහා සෘෂි නාඩි වෛiවරුන් පවසා ඇත්තේ නිතර මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට නම් සිත සතුටින් තිබිය යුතු බවය. සතුට නැති තැන සිතේ සැහැල්ලුව අඩුවේ. එවිට ඇතිවන්නේ නොසන්සුන්කාරී බවකි.

 මෙම නොසන්සුන්කාරී බව නිසා ප්‍රචණ්ඩත්වය ඇතිවේ. එනිසා මෙම කාල වකවානුවේ තරුණ තරුණියන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය. ඔවුන් තුළ ප්‍රචණ්ඩත්වය ඇතිවීමට බලපාන පරිසරය ඈත්කළ යුතුය.

 එනිසා ආගම දහමට නැඹුරුව දිවිය සරලව ගත කරන අයුරු ගැන අවබෝධ කරදිය යුතුය. ඒ සඳහා ආගමික නායකයන්ද අවංකව කටයුතු කළ යුතුය. බොරදියේ මාළු බාන්නා සේ මේ මොහොතේ තරුණ පිරිස තුළ ප්‍රචණ්ඩත්වය ඇතිවන සිතුවිලි පහළ කිරීමට රුකුල් නොදිය යුතුය. එහි ප්‍රතිඵල එන්නේ පසුකාලීනවය. තරුණ තරුණියන් තුළ ලිංගික දුබලතා හටගන්නා විට, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයා බාධ වැනි රෝග ඇතිවූ විට ඔවුන්ට තම මැදිවිය ගත කරන්න වන්නේ රෝගීන් ලෙසය.

 එනිසා තරුණ මනස කෙරෙහි මේ මොහොතේ අප වැඩි අවධානයක් යොමු කළ යුතුය. අප අතීතයේදී ගතකළ අමිහිරි අත්දැකීම් තම දරුවන්ටද ලබාදුනහොත් ඔවුන්ගේ ජීවිතවල දියුණුව ද අඩාල වේ. එනිසා තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය ඇනහිටීම්, ප්‍රවාහන දුෂ්කරතා ඉතා කඩිනමින් විසඳීමට රටේ වගකිව යුත්තන් පියවර ගත යුතුය. එසේ නොවුනහොත් අප අනාගතයට දායාද කරන්නේ නිරෝගී තරුණ පරපුරක් නොව රෝගී පුරපුරකි. එවැනි රෝගී පරපුරකින් අපට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කළ නොහැකිය.

රෝගී දරුවන් බිහිකරන්නට  බලපාන පෝලිම් ක්‍රමය

සංස්කරණය –  උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment