රෝග ලක්‍ෂණ රහිත ඔමික්‍රෝන්  ආසාදිතයන් රට පුරාම සිටිනවා

317

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

දිනකට ඔමික්‍රෝන් ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වුවද රෝග ලක්‍ෂණ රහිත ආසාදිතයන් විශාල පිරිසක් තවමත් රට වටේම සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘‘දිවයින’’ට ඊයේ (22 දා) පැවැසීය.

කෙසේ වෙතත් සියලූ දෙනා සෞඛ්‍ය පුරුදු අඛණ්ඩවම අනුගමනය කිරීම ඉතා වැදගත් බව පැවසූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියේය.

මේ වෙනකොට දිනකට වාර්තාවෙන ඔමික්‍රෝන්

රෝගීන්ගේ සංඛයාව අඩුවෙලා තිබෙනවා. ඒ කොහොම වුණත් රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයෝ විශාල පිරිසක් රට වටේම ඉන්නවා. මරණ ඉතා අඩුවෙන් වාර්තාවෙන්නේ. වැඩිපුරම මියයන්නේ අවුරුදු 60 ට වැඩි අය.

අවුරුදු සමය තුළ හැම දෙනාම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත්. සාප්පු සවාරි අවුරුදු උත්සව සහ අවුරුදු පොළවල්වලට යන එක පුළුවන් තරම් අඩු කරන්න.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment