රෝඩ් සේෆ්ටි හිදී  සනත්ගෙන් පරෙස්සම් වන්න

532

පන්දු වාර 20-20 ක්‍රිකට් තරගයක පන්දු වාර හතරක් ක්‍රියාත්මක කරමින් ඉන් පන්දු වාර දෙකක් නිලකුණු පන්දු වාර ලෙස සටහන් කරමින් ලකුණු තුනක් තුළ කඩුලු 4ක් දවා ගැනීම සුළුපටු දස්කමක් නොවේ.

 රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සමග පැවැති තරගයේදී එම දස්කම දැක්වීමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය පෙරේදා (13 වෙනිදා) සමත් වූයේය.

 සනත්ගේ එම දස්කම හේතුවෙන් ලකුණු 78කට සීමා වූ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 3ක් පමණක් දැවී ඉක්මවා යෑමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

 ජයසූරියට අමතරව නුවන් කුලසේකර සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත් අතර පන්දුවට පහර දීමේදී ඩිල්ශාන් මුණ්වීර ලකුණු 24ක්, තිලකරත්න ඩිල්ශාන් ලකුණු 15ක් සහ උපුල් තරංග ලකුණු 23ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment