රෝද ගැලවී යෑමේ අවදානමක් නිසා ටොයෝටා සමාගමේ කාර් නැවත කැඳවයි

877

මෝටර් රථ නිෂ්පාදනයෙහි දැවැන්තයෙකු වන ‘ටොයෝටා’ මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් නිපදවා බෙදා හැර තිබූ නවීන මාදිලියේ විදුලි මෝටර් රථ (ඉලෙක්ටි්‍රක් කාර්) 2700ක තොගයක රෝද ගැලවී යෑමේ අවදානමක් හේතුවෙන් එම මෝටර් රථ තොගය නැවත සිය කම්හල වෙත ගෙන්වා ගැනීමට ටොයෝටා සමාගම විසින් පියවර ගෙන තිබේ.

ටොයෝටා සමාගම විසින් නිපදවන ලද “බී ඉසෙඩ් 4 එක්ස් සුව්” වර්ගයේ විදුලි මෝටර් රථ 2700ක රෝද අඩු දුරක් ගමන් කිරීමේදීද රථයෙන් ගැලවී යෑමේ වැඩි අවදානමක් පවතින බව හෙළි වීම නිසා බෙදා හැර තිබූ එම මෝටර් රථ තොගය නැවත කම්හල වෙත ගෙන්වා ගැනීමට පියවර ගත් බව ටොයෝටා සමාගම විසින් ප්‍රකාශ කර තිබේ. මෙසේ නැවත කම්හල වෙත ගෙන්වා ගැනීමට පියවර ගත් මෝටර් රථ තොගය වෙළඳපළට නිකුත් කරන ලද්දේ මාස දෙකකට පමණ පෙර ජපානයේදීය. එම මෝටර් රථ යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ජපානය විසින් මිලදී ගෙන තිබිණි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment