රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලෝකෙන්ම හයවැනි තැනට

183

ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තැබීමට පැරාලිම්පික් කී‍්‍රඩක කණ්ඩායමක් සමත් වී තිබේ. ඒ සුරේෂ් ධර්මසේනගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායමයි .

ලසන්ත රණවීර සහ ඞී.එම්. ගාමිණී සෙසු කී‍්‍රඩකයෝ වෙති. ඒ අනුව ඔවුහු රෝද පුටු ටෙනිස් කී‍්‍රඩාවේ ලොව හයවැනි හොඳම කණ්ඩායම ලෙස ශ්‍රේණි ගතව සිටිති.

රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලෝකෙන්ම හයවැනි තැනට

මෙම රෝද පුටු ටෙනිස් කණ්ඩායම නියෝජනය කළ සියල්ලෝම පාහේ යුද බිමේ කි‍්‍රයාන්විතයන්හිදී අබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවෝය .

ඉතාලියේ සාර්දිනියාහිදී සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 04 දක්වා තරග රාශියකට මෙම කණ්ඩායම ඉදිරිපත් විය. එම ලෝක කුසලාන තරගාවලියට ලොව හොඳම කණ්ඩායම් ලෙස තේරුණු රටවල් 16ක කණ්ඩායම් 16ක් තරග වැදුණි. ශී‍්‍ර ලංකා කණ්ඩායම එහිදී කෙරුණු ශ්‍රේණිගතකිරීම් වලදී හයවැනි ස්ථානයට පත්ව තිබේ.

සුරේෂ් ධර්මසේනගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම එම තත්ත්වයට ළඟා වී ඇත්තේ ලොව ප‍්‍රබලතම රෝද පුටු ටෙනිස් කණ්ඩායම් වන බ‍්‍රසීලය, පෝලන්තය සහ බෙල්ජියම වැනි රටවල කණ්ඩායම් පරාජය කරමින් වීම විශේෂිතය.

මේ වන විටත් ඒ ගැන අවධානය යොමුවූ වගක් පෙනෙන්නට නැති මුත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් හැරුනුවිට මෙවන් අවස්ථාවක් අත්පත් කර ගත් එකම කණ්ඩායම වන්නේ ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායමයි. ඒ නිසාම මෙය රටක් ලෙස අප ලැබූ සුවිශේෂීි ජයග‍්‍රහණයක් ලෙස සටහන් කිරීමේ වරදක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment