රෝයල් චැලෙන්ජර්ස් තෙවැනි තැනට එයි

222

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පෙරේදා (29 දා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයග‍්‍රහණයක් ලබාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැනට පත්වීමට සමත් විය.

 ජයග‍්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය චැලෙන්ජර්ස් කී‍්‍රඩකයෝ පන්දුවාර 17.1 පන්දුවක් තුළ ජයග‍්‍රහණය අත්කර ගත් අතර එහිදී ග්ලේන් මැක්ස්වල් නොදැවී ලකුණු 50 ක් ද, ගී‍්‍රකාර් භාරක් ලකුණු 44 ක් ද ලබා ගත්තේය.

 රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් එවින් ලූවිස් ලකුණු 58 ක් ලබාගත් අතර පන්දුවාර 4 තුළදී ලකුණු 18 කට කඩුලූ 2 ක් දවාගත් බැංගලෝර් කණ්ඩායමේ යුෂ්වේන්ද්‍ර චාහාල් තරගයේ වීරයා බවට පත් විය.

 ලකුණු සාරාංශය

 රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම 149-9 රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම 153-3

advertistmentadvertistment
advertistmentadvertistment