රෝෂිණීගේ කසාදය හර්ෂිටත් ප‍්‍රශ්නයක්

759

පෙම්වතා කියනවා ඔයත් රෝෂිණී වගේ වුණා නම් කියලා


 රෝෂිණී කියන්නේ මුදලාලිගේ සහ හාමිනා ගේ හුරතලේට හැදෙන එකම දරුවා. ඇය හරිම කටකාරයි. හරි හුරතල් වගේම හරි සුන්දරයි. ඒ වගේම ප‍්‍රශ්නවල බරපතළකමක් තේරෙන්නේ නැහැ. ලොකු අධ්‍යාපනයක් නැතිවුණාට සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මෙයා සැබෑ ආදරයක් මේ දවස්වල හොයනවා. නමුත් කාටවත් රැුවටෙන්නෙත් නැහැ. සැබෑ ආදරය හොයන රෝෂිණී අපට මේ දිනවල මුණ ගැහෙන්නේ සකලගුරු 2 ටෙලි සිත්තම හරහා. රෝෂිණීට ජීවය දෙන ඇය නමින් හර්ෂි අංජුමාලා. මේ ඇගේ හඬයි.


 * රෝෂිණී හින්ද හර්ෂිට වැඩිපුර ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

 රෝෂිණී කියන චරිතයට බැණුම් අහන්න හම්බවෙනවා හරිම අඩුයි. රෝෂිණීට හැමෝම හරිම ආදරෙයි.

 * සකල ගුරු 2 ගැන මොකද හිතෙන්නේ?

 සකල ගුරු පළමු කොටසත් එක්කත් ගොඩක් පේ‍්‍රක්‍ෂකයෝ අපිත් එක්ක එකතුවෙලා හිටියා. දෙවැනි කොටස විකාශනය වෙනකොට ඒ ආදරය වැඩිවුණා කිව්වොත් නිවැරදියි.

 * අධ්‍යක්‍ෂ ටිකිරි රත්නායක රෝෂිණී ගැන තෘප්තිමත්ද?

 අනිවාර්යයෙන්ම. සකලගුරු කියන්නේ මම ටිකිරි සර් එක්ක වැඩ කරපු පළමු ටෙලිනාට්‍යය. මම මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු පහක වගේ පොඩි කාලයක් වෙන්නේ. ඔහුත් සමඟ වැඩ කරද්දී මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා.

 * රෝෂිණීට මුදලාලිගෙන් සහ හාමිනේගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

 රෝෂිණී කියන්නේ මට ලැබුණ වෙනස්ම චරිතයක්. අභියෝගයක් කිව්වොත් හරියටම හරි. හාස්‍ය උත්පාදනය කරන චරිතයක් තමයි රෝෂිණී කියන්නේ. උදය කුමාරි සහ මහින්ද පතිරගේ කියන්නේ මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න අති දක්‍ෂයන්. කතාවට අනුව ඒ දෙන්නගේ දුව මම. මම අද මෙතැන ඉන්නේ ඔවුන් දෙදෙනාගෙන් ලැබෙන සහයෝගය සහ උපදෙස් නිසයි. අනික මම හැමවෙලාවකම මම කරන දේ ගැන ප‍්‍රවීණයන්ගෙන් නිතර විමසනවා. මම හිතන්නේ අදටත් මේ චරිතය සාර්ථක කරගන්න පුළුවන් වුණේ ඒ නිසා වෙන්න ඇති.

රෝෂිණීගේ කසාදය හර්ෂිටත් ප‍්‍රශ්නයක්



 * ඇත්තටම රෝෂිණී කසාද බඳින්නේ කාවද?

 ඒක ඇත්තටම මටත් ප‍්‍රශ්නයක්. රෝෂිණී හරියට ආදරය හොයනවානේ. එයාට හොඳ ආදරයක් ලැබෙයි කියලා මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

 * රෝෂිණීයි අංජුයි අතර තියෙන්නේ මොනව ගේ සම්බන්ධයක්ද?

 ඒක මෙහෙමයි. රෝෂිණී කියන්නේ කිසිම බරපතළක් නැති හරි සරල තරුණියක්. නමුත් අංජුටනම් ජීවිතයේ බරක්පතළක් තියෙනවා. ජීවිතයේ සතුටුවෙන තැන්වල සුන්දරව ඉන්න තැන්වල රෝෂිණී අංජුයි හරි සමානයි. ආදරය සම්බන්ධයෙන් නම් මම එච්චර මෝඩ වෙන්න කැමැති නැහැ.

 * රෝෂිණී ආදරය හෙව්වාට හර්ෂි නම් ආදරය විඳිනවා කියන්නේ ඇත්තද?

 ඔව්. ඇත්තටම මම ආදරය විඳිනවා.

 * ඔහු ජනපි‍්‍රය චරිතයක් කියන්නේ ඇත්තද?

 නැහැ. ඔහු ජනපි‍්‍රය චරිතයක් නෙමෙයි වගේම මේ ක්‍ෂේත‍්‍රයටත් සම්බන්ධ නැහැ.

 * පෙම්වතාගෙන් රංගනයට විරුද්ධත්වයක් නැතිද?

 ඇත්තටම නැහැ. එයා හරිම කැමැතියි. එයා සකලගුරු ටෙලි නිර්මාණයට ගොඩක්ම කැමැතියි. එයා තමයි මගේ හොඳ නරක කියන්නේ. අම්මා තාත්තා මගේ පවුලේ අයට පස්සේ එයා තමයි මට හොඳ ප‍්‍රතිචාරයක් දෙන්නේ.

 * රෝෂිණී ගැන පෙම්වතා මොනවද කියන්නේ?

 එයා හරි ආසා චරිතයක්. සකලගුරු එක කොටසක්වත් අත්හරින්නේ නැතිව නරඹනවා. එයා හරි කැමැතියි. සමහර වෙලාවලදී එයා මටත් කියනවා අනේ රෝෂිණී වගේ හිටිය නම්.

 * මේ දවස්වල වෙන මොනවද කරන්නේ?

 ඇත්තටම මට පුංචි කාලේ ඉඳන් තිබුණ හීනයක් තමයි නිවේදනය පැත්තට එන්න ඕනෑ කියලා. ඒ හීනය සැබෑ වුණේ මම රංගන ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු පහකට පස්සේ. මම ක්‍ෂේත‍්‍රයට එන්නේ දෙරණ ලිට්ල් ස්ටාර්හි පුංචි නර්තන තරුවක් විදිහට. ඒ හරහා තමයි මම රංගනයට එන්නේ. හැබැයි මගේ පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් තමයි නිවේදනය කියන්නේ. අවුරුදු පහකට පස්සේ මට ඒ හීනය සැබෑ වුණේ අවුරුදු දෙකක් තිස්සේ මම සකලගුරු ටෙලි නිර්මාණයත් එක්ක ඉදලා වැඩකරපු නිසයි. දැන් මම ජාතික රූපවාහිනියේ සජීවී සංගීත වැඩසටහනක නිවේදිකාවක් විදිහට වැඩ කරනවා.

 * දැන් නර්තනයෙන් ඈත් වෙලාද

 නර්තනයෙන් ඈත්වෙලා නැහැ. පුංචි නර්තනතරුව තවමත් ඉන්නවා. විශ්වවිiාල වැඩකටයුතු එක්ක මට නර්තන පන්ති යන්න විතරයි බැරිවුණේ. කොරෝනා වසංගතයත් එක්ක අපි ගෙදරට සීමාවුණ හින්ද යළිත් නර්තනය හදාරන්න දැන් මම ඒ විභාගවලට ලෑස්ති වෙනවා. කොරෝනා කාලයේ මගේ නැවතුන නර්තන වැඩ ආපහු පටන්ගන්න පුළුවන් වුණා.



 දිනේෂ් විතාන


advertistmentadvertistment
advertistmentadvertistment