රෝසිටත් උපදේශක තනතුරක්

144

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී ඇත. ඇයට ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරය ලබාදී ඇති අතර එම තනතුරට අදාළව කිසිදු වරප්‍රසාදයක් නොලැබෙන බව දේශපාලන ආරංචි මාර්ග මගින් කියා සිටිය. කෙසේ වෙතත් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිත කළ නිල රථය හා රියැදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන ලෙස ඇය ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ සඳහා පමණක් අවසර හිමිවන බව ද සඳහන් වෙයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment