රෝහණ වීරසිංහට වායෝ ගෙන් ලැබුණු උපන්දින තෑග්ග…

239

යුග කිහිපයක ගායක ගායිකාවන් වෙත සංගීත නිර්මාණ සිදු කළ ප‍්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ජන්ම දිනය පසුගිය 18 වැනිදාට යෙදී තිබිණි‘ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට බෙහෙවින් ඇලූම් කරන පසු පරපුරේ ආන්දෝලනාත්මක සංගීතඥයෙකු වන සංගීත් විජේසූරිය සිය ‘‘වායෝ” සංගීත කණ්ඩායමේ එකතුවෙන් රෝහණ වීරසිංහයන් වෙත උපන් දින තෑග්ගක් පිරිනැමිණි‘ රෝහණ වීරසිංහ සංගීත නිර්මාණය කොට විශාරද නන්දා මාලනී” සුනිල් එදිරිසිංහ” ප‍්‍රදීපා ධර්මදාස ගැයූ අතිශය ජනප‍්‍රිය” සමාජ ගරුත්වයට ලක් වූ ගීත වන ‘‘රට කරවන්න නම්” මිනිසා සුවඳයි මල සේ” කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම” තුන් හෙළේ කැලෑ තුළ” යන ගීතවලට නව සංගීත සංයෝජනයන් සිදු කර” සීගිරිය සහ ඓතිහාසික ස්ථාන

 කිහිපයක සිට රූපගත කර රෝහණ වීරසිංහයන් වෙත උපන්දින තෑග්ගක් ලෙස ලබා දී ඇත. රෝහණ වීරසිංහයන් ද හිස මුදුනින් එකී උපන්දින තෑග්ග භාරගෙන සිය මුහුණු පොතට කෘතවේදී සටහනක් එක් කර තිබුණි‘ මේ පිළිබඳ ව ආචාර්ය රෝහණ වීරසිංහයන් සමග ”මීවිත” කළ කතාබහ මෙසේ යි.


 වායෝ සංගීත කණ්ඩායම ඔබ නිර්මාණය කළ ගීත කිහිපයක් ඔවුන්ගේ ආරට ගෙන නව සංගීත සංයෝජනයෙන් සහ ඔවුන්ගේ නව පටිගත කිරීමකින් යුතුව ඔබට ම තිළිණ කිරීම ගැන සතුටු ඇයි?

 වායෝ සංගීත කණ්ඩායම මගේ උපන් දිනය වෙනුවෙන් මගේ ගීත නිර්මාණ පෙළක් ප‍්‍රතිනිර්මාණය කරමින් මට සුබ පතමින් සංගීත් හා මා අතර පවතින මිත‍්‍රත්වයට තවත් මිහිරි සලකුණක් එක් කළා. මගේ සාර්ථක යූටියුබ් නාලිකාව සඳහා මූලිකවම මාව දැනුවත් කර මාව පොළඹවනු ලැබුවේත් ප‍්‍රසිද්ධ ‘‘වායෝ” සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය සොයුරා යි. එම චැනලය සඳහා අනුර පෙරේරාගේ තාක්ෂණ සහාය මට ලබා ගැනීමට මැදිහත් වුණේත් සංගීත් විජේසූරිය යි. තරුණ පරපුර මගේ නිර්මාණ අගය කිරීමෙන් මා අසීමිත සතුටක් ලබනවා. මේ කටයුත්ත වෙනුවෙන් ඇප කැප වූ එම සංගීත කණ්ඩායමටත්” ක්‍ැහඵමිසජ වෙතත් මාගේ හෘදයංගම ස්තුතිය පිරිනමනවා.

රෝහණ වීරසිංහට වායෝ ගෙන් ලැබුණු උපන්දින තෑග්ග...



 සමාජගත වූ මෙම ගීත ප‍්‍රතිනිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සඳහා එම ගීතවල මුල් හිමිකාරිත්වයෙන් අවසරයක් ‘‘වායෝ” සංගීත කණ්ඩායම ලබා ගත්තා ද?

 ජාත්‍යන්තර නීතිය අනුව ගීතයක හිමිකාරිත්වය පවතින්නේ ගී පද රචකයාට සහ සංගීත නිර්මාණකරුවාට යි. මෙම ගීත සඳහා ‘‘වායෝ” සංගීත් කණ්ඩායම එම අනුමැතිය ලබා ගත්තා. ගායක ගායිකාවන්ට තිබෙන්නේ ගීතයක ගායන අයිතිය පමණයි. ඒ නිසා එම අවසරය අවශ්‍ය නැහැ.

 ඔබට අයිතිය ඇති ඕනෑම ගීතයක් මේ ආකාරයට ඕනෑම කෙනෙකුට ප‍්‍රතිනිර්මාණය කළ හැකියි ද?

 මම සංගීත නිර්මාණය කළ ගීත නව පරපුරට ප‍්‍රතිනිර්මාණය කිරීම සඳහා මම අවසරය ලබා දී තිබෙනවා. ඊට සම්බන්ධ සියලූ ගී පද රචකයන්ගේත් අනුමැතිය ඒ සඳහා ලබා දී තිබෙනවා. ‘‘වායෝ” සංගීත් කණ්ඩායම එම නව නිර්මාණය උදෙසා ගී පද රචකයන්ටත්” මටත් කර්තෘ භාග නිසි පරිදි ගෙවනවා. ඒ නිසා මම තනු නිර්මාණය කොට සංගීතවත් කළ ගීත වෙන අය නිසි අවසරය සහිතව ගැයුවාට වරදක් නැහැ. ඒවා නව පරපුර අගය කිරීම සහ ඔවුන් අතරට යෑම ගැන සතුටුයි. නන්දා මාලිනී මහත්මිය මේ ගීත ගායනා කළා කියලා සමහරු දන්නේවත් නැහැනේ. මෙවැනි ප‍්‍රතිනිර්මාණ හරහා ඒවා නව පරපුර වෙත යාම ගැන සතුටුයි.

 වායෝ කණ්ඩායම මෙම නිර්මාණය කරන බව ඔබ කලින් දැනගෙන සිටියා ද?

 නැහැ. ඔවුන් මෙම නිර්මාණය කරලා මගේ උපන්දිනය වෙනුවෙන් කියා මට ලබා දෙනතුරු ඒ ගැන මම දැනගෙන හිටියේ නැහැ. නමුත් නිර්මාණය දැක්ක ගමන් මට ලොකු සතුටක් දැනුනා.

 මීට පෙර ඔබ සංගීතවත් කළ ගීත වෙන අය ගැයීමට එරෙහිව ඔබ සහ එම ගී පද රචකයන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගත්තා. නමුත් මේ නිර්මාණයට ඔබ ස්තුතිවන්ත වෙනවා. ඒ ඇයි?

 මේ ප‍්‍රතිනිර්මාණය අවසර සහිතව කළා. නමුත් අතීතයේ කිසිදු අවසරයක් නැතුවයි ඒවා කරලා තිබුණේ. ඒ කාලේ මගේ නිර්මාණ වෙන අයට ප‍්‍රතිනිර්මාණය කිරීමට අවසර දීලා තිබුණේ නැහැ. හොරෙන් නිර්මාණය කරලා සල්ලි ගරන එකට තමයි අපි විරුද්ධ වුණේ.

 මේ ප‍්‍රතිනිර්මාණයත් ඔබට කියා තිබෙන්නේ පටිගත කර” රූගත කිරීමෙනුත් පසුව නේද?

 ඔව්. නමුත් මගේ නිර්මාණ සඳහා ඒ අවසරය දැන් ලබාදී තිබෙන නිසා එහි වරදක් නෑ. මා කළ සියලූ නිර්මාණ මම සමාගමකට පවරා තිබෙනවා. ඔවුන්ගෙන් පූර්ව අනුමැතිය ලබාගෙන” නිසි පිළිවෙළට එම නිර්මාණ වෙනත් අයට ලබා ගත හැකියි. මම දැනගත්තේ පසුව වුණාට සමාගමෙන් ඔවුන් නිසි අවසරය ලබාගෙන තියෙනවා.

 ඔබගේ නිර්මාණ මේ ආකාරයට සමාගමකට පැවරීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක්ද?

 මගේ නිර්මාණවලට නව පරපුර බෙහෙවින් ප‍්‍රිය කරනවා. මම අවසන් කළ තැනින් ඉදිරියට ඒවා රැගෙන යෑමටත්” නව සංගීත පර්යේෂණාත්මක අත්හදාබැලීම් කිරීමටත් නවකයන් කැමතියි. අති දක්ෂ නව පරපුරක් ඉන්නවා. අපි මේවා හමස්පෙට්ටියේ දාගෙන මගේ කියා ආත්මාර්ථකාමිත්වයෙන් ඒවා සතු කරගෙන”

 අපිත් එක්කම නැතිවෙලා යන්න ඉඩ දෙනවාට වඩා අනාගත පරපුරට එය උරුම කර දීම වැඩිහිටි අපගේ යුතුකමයි.

 කුහකකමක් නැතුව තරුණයන්ගේ නිර්මාණ අපි අගය කළ යුතුයි. අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන්ට නිසි මග පෙන්විය යුතුයි.


 තුෂාරි කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment